විදේශ අංශය
 

ආර්ථිකයක් විසින් බාහිර ලෝකය සමග කෙරෙන ආර්ථික ගණුදෙනු, එම ආර්ථිකයේ විදේශ අංශය ලෙස සැලකේ. ආර්ථිකයක විදේශ ගනුදෙනු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්,

1.භාණ්ඩ ‍හා සේවා අපනයන සහ ආනයනය.
2. විදේශීය ප්‍රාග්ධන ලැබිම් හා ගෙවිම්.

සියලුම ආකාරයේ විදේශ ආර්ථික ගණුදෙනු සිදුවන්නේ විදේශ විනිමය මගින් විදේශ විනිමය වෙළෙද පොළ හරහාය. මෙම විදේශ විනිමය, ඩොලර්, පවුම්, යෙන්, ආදි නොයෙකුත් විදේශ මුදල් ඒකකවලින් පැවතිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017