ප්‍රතිපත්තිමය උපකරණ
 

01.මුල්‍ය ප්‍රතිපත්ති
02.ෆිස්කල් ප්‍රතිපත්ති
03.විදේශ වෙළෙදාම් හා විනිමය ප්‍රතිපත්ති
04.සැපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්ති

මුල්‍ය ප්‍රතිපත්ති :- මුල්‍ය ප්‍රතිපත්ති මගින් මුදල් සැපයුම වෙනස් කිරිම තුලින් පොළි අනුපාතවලට හා ණය කොන්දේසිවලට ප්‍රධාන වශයෙන් බලපැම් සිදු කෙරේ.

ෆිස්කල් ප්‍රතිපත්ති :- බදුකරණය, රාජ්‍ය වියදම්, රාජ්‍ය ණය යනාදිය මාධ්‍ය කර ගෙන සමස්ත වියදම පාලනය කිරිම, ෆිස්කල් ප්‍රතිපත්ති මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරේ. ෆිස්කල් ප්‍රතිපත්ති රාජ්‍ය යවැය මගින් ක්‍රියාවට නංවනු ලැබේ.

විදේශ වෙළෙදාම් හා විනිමය ප්‍රතිපත්ති :- ආනයන හා අපනයන සිමා කිරිම් මගින් විදේශ විනිමය අනුපාතික ආරක්ෂා කිරිම හෝ වෙනස් කිරිම සදහා රජය විසින් මැදිහත් වි පියවර ගැනිම මෙයින් අදහස් වේ.

සැපයුම් ප්‍රවර්ධන ප්‍රතිපත්ති :- විවිධ යටිතල පහසුකම් වැඩි දියුණු කිරිම, පරියේෂණ කටයුතු හා තාක්ෂණික දියුණුව යනාදි පහසුකම් ඇති කිරිම ආදිය මගින් නිෂ්පාදන පිරිවැය අඩු විමටත් ඵලදායිතාව වැඩි විමටත් රජය විසින් අවශ්‍ය පියවර ගැනිම මෙයින් අදහස් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017