සාර්ව ආර්ථික අරමුණු
 

සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යා මහාචාර්යවරුන් වන සැමුවෙල්සන් සහ නෝඩිහවුස් යන විද්වතුන් දෙදෙනා විසින් දක්වා ඇති පරිදි සාර්ව ආර්ථිකයක ප්‍රධාන අරමුණු මෙසේය.

01.නිමැවුම (දක්වා ඇති පරිදි දළ ජාතික නිෂ්පාදිතය) සහ පරිභෝජනය ඉහළ මට්ටමක වර්ධනය වෙමින් පවත්වා ගැනිම.
02.ඉහළ සේවා නියුක්තියක් සහ පහළ සේවා වියුක්තියක් පවත්වා ගැනිම.
03.මිල මට්ටමේ ස්ථාවරභාවය පවත්වා ගැනිම.
04.ස්ථාවර විදේශ විනිමය අනුපාතිකයන් සහ සාමාන්‍ය වශයෙන් අපනයන හා ආනයන අතර තුලනයක් පවත්වා ගැනිම.

(c) Shilpa Sayura Foundation 2006-2017