සාර්ව ආර්ථික විද්‍යාව
 

සමස්ත ආර්ථික ඒකකවල හෝ විචල්‍යවල හැසිරිම පිළිබද කරුණු අධ්‍යාපනය, සාර්ව ආර්ථික විද්‍යාව යනුවෙන් හැදින්වේ. සුක්ෂම ආර්ථික විද්‍යාව මගින් ආර්ථිකයක කුඩා කොටස්වල හැසිරිම හදාරනු ලබන අතර, සාර්ව ආර්ථික විද්‍යාව මගින් ආර්ථිකයක සමස්ත ආර්ථික ක්‍රියාවලියම හදාරනු ලැබේ.

සාර්ව ආර්ථික විද්‍යාවට විෂය වන කරුණු සදහා නිදසුන්
ජාතික ආදායම, ආයෝජන මට්ටම, පරිභෝජන මට්ටම, මිල මට්ටම, මුදල් සැපයුම, රාජ්‍ය අයවැය, ආනයන වියදම්, අපනයන ආදායම්, විදේශ ගෙවුම් ශේෂය.

(c) Shilpa Sayura Foundation 2006-2017