විශ්කමිභය කි.මී. 49,532
ස්කන්ධය කි.ග්‍රෑ. 1.0247e26
පරිභ්‍රමණය සඳහා දින 165 ක් ගතවේ.
නෙප්චූන් යනු , සෞරග්‍රහ මණ්ඩලයේ අට වෙනියට හා අවසාන යටම පිහිටි ග්‍රහලෝකය යි. විශ්කමිභයෙන් හතරවැනියට ස්කන්ධයෙන් තුන් වැනියට විශාල විශාල ග්‍රහයා යි.පෘතුවියට වඩා ස්කන්ධයෙන් 17 ගුණයකින් විශාල වෙයි.
නෙප්චූන් හා පෘතුවිය
වායු ගෝලය සකස් වී අැත්තේ හයිඩ්‍රජන් (hydrogen) , හීලියමි (helium) සහ මීතේන් (methane) ඉතා සුලු ප්‍රමාණයකින්ය.නෙප්චූන් ග්‍රහයා නිල් වර්ණයෙන් දිස් වන්නේ මේ නිසාය. ඉතා තදින් සුළං හමායයි. සුළගේ වේගය පැයට සැතපුමි 2500 මපණ වෙයි. 1989 වර්ශයේ වොයේජර් 2 යානය මෙයට ලඟාවු විට මෙහි දකුණු අර්ධ ගෝලයේ කලු ලපයක් දැක ගත හැකි විය. මෙය බ්‍රහස්පතිගේ රතු ලපයට බොහෝ සෙයින් සමාන විය.
කලු ලපය
නෙප්චූන් ඉතා සිසිල් ග්‍රහලෝකයකි. මතුපිට උෂ්ණතිවය ෆැරන්හයිටි අංශක -360 පමණ වෙයි. සෞරග්‍රහමණ්ඩලයේ සිසිල් ම ග්‍රහ ලෝකයන් ගෙන් එකකි. ඊට හේතුව සූර්යයා ගේ සිට ඉතා අෑතින් පිහිටා තිබීම යි. නමුත් අභ්‍යන්තරය ඉතා උණුසුමිය. එය ෆැරන්හයිටි අංශක 13 000 පමණ වෙයි. එය සූර්යයා ගේ මතුපිට උෂ්ණත්වයට ද වඩා වැඩිය. මෙයට හේතුව ඉතා තද උනුසුමි ගෑස් හා ශෛල නිසාය.
තරමක් අදුරු වළලු කිහිපයක් ඒ වටා ඇත. උප ග්‍රහයන් 13 දෙනකෙි. එයින් විශාලතම උප ග්‍රහයා ට්‍රයිටන් (Triton) නමි වෙයි.
1846 සොයා ගන්නා ලද නෙප්චූන් ග්‍රහයා නිෂ්චිත පර්යේෂන මඟින් සොයා ගෙන නොතිබුන අතර ගණිතමය සොයා ගැනීමි වලන් සොයා ගන්නා ලද ග්‍රහලෝකයකි.
මේ වනතුරු පර්යේෂණ කටයුතු සඳහා නෙප්චූන් වෙත යවා ඇත්තේ වොයේජර් 2 (Voyager 2) යානය පමණ.
අභ්‍යන්තරය යුරේනස් ගේ අභ්‍යන්තරයට බොහෝ සෙයින් සමානය. ඝර්භය ඝන ද්‍රාවණමය ශෛල කොටස් හා ලෝහ වලින් සකස් වී ඇති අතර ශෛල , ජලය , ඇමෝනියා හා මීතේන් වලින් වට වී ඇත.
පෘතුවියේ සිට පියවි අැසට දැක ගත නොහැක. දුරදක්නයකින් බලන විට ඉතා කුඩා නිලට හුරු කොළ පැහැයකින් දැක ගත හැක.