එදිනෙදා අප භාවිතා කරන විවිධ චුම්භක වල ගුණ නිරීක්ෂණය කරමු
දණ්ඩ චුම්භකයක් ගෙන එහි හරි මැදින් නූලක් ගැටගසා යම් ආධාරකයක එල්වා එය නිසල වීමට ඉඩ හරියි. මෙවිට මෙම චුම්භකය උතුරැ දකුණු දිශා ඔස්සේ දිශා ගතවේ.
චුම්භකයක් අසලට යකඩ කුඩු හෝ යකඩ වලින් සෑදූ යම්කිසි භාණ්ඩයක් ගෙන ආ විට ආකර්ෂණය වේ.
චුම්භකයකට උතුර හා දකුණ ලෙස අග්ර දෙකක් ඇත. තවද මෙලෙස වූ චුම්භක දෙකක සමාන අග්ර විකර්ෂණය කරණ අතර අසමාන අග්ර ආකර්ෂණය කරයි.
චුම්භකයක උතුරු අග්රය දෙසට මාලිමාවක් ගෙන ආ විට මාලිමාවේ උතුරු අග්රය විකර්ෂණය වී දකුණු අග්රය ආකර්ෂණය වේ.