ඒකාංග දෝෂ (සමුච්චිත දෝෂ) (Cumulative / Systematic errors)
 මිනුමක් ගැනීමේ දී ඇති විය හැකි යැයි සැලකෙන දෝෂ මේ ගණයට අයත් වේ. නිදසුනක් ලෙස ඉතා කුඩා ප්‍රමාණයක් දිගින් වැඩි වූ මිනුම් පටියක් වාර 10ක් යොදා ගන්නේ නම් මිනුම් පටියේ සිදු වී ඇති දෝෂය දස ගුණයකින් වැඩි වී අවසන් ප්‍රතිඵලයට එකතු වේ.

මෙම දෝෂය ධන හෝ සෘණ හෝ ලෙස අවසන් පිළිතුරට එකතු වේ. අවසානයේ එමඟින් සැලකිය යුතු වෙනසක් ඇති කරයි. එසේ දිගින් දිගට ම එකතු වන දෝෂ අවම කර ගැනීමට ප්‍රධාන වශයෙන් කළ යුත්තේ උපකරණවල නිවැරදි බව පරීක්ෂා කිරීමයි. තව ද ශෝධන යෙදිය යුතු නම් එය සිදු කළ යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017