අපරික්ෂාකාරී බව, නොසැලකිල්ල, පළපුරුද්ද අඩු බව සහ අවධානය වෙනස් වීම ආදිය නිසා මෙම දෝෂ ඇති වේ. වරදක් සිදු වූ බව සොයා ගැනීමට නොහැකි වුව හොත් එය අවසාන ප්‍රතිඵලය කෙරේ විශාල බලපෑමක් එල්ල කරයි. මෙවැනි දෝෂ, ශෝධන යෙදීම මඟින් මෙම නිවැරදි කළ නොහැකි ය. සම්පූර්ණ මැනුම ම හෝ ඉන් කොටසක් නැවත සිදු කිරීමට අවශ්‍ය වනු ඇත.
මෙම දෝෂ අවම කර ගැනීම සඳහා ආවේක්ෂණ මිනුම් ගැනීම හා නැවත නැවත පරීක්ෂා කර බැලිය හැකි උපක්‍රම යොදා ගනියි. ආවේක්ෂණ මිනුමක් යනු ගන්නා ලද මිනුම්වල නිවැරදි බව තහවුරු කර ගැනීමට යොදා ගන්නා මිනුමකි.
මෙය ගණනය කිරීමට හෝ බිම් සැලසුම් නිර්මාණය කිරීමේ අරමුණකින් ලබා ගන්නා මිනුමක් නොවේ. ලබා ගත් මිනුම දෙවරක් හෝ තුන්වරක් පරීක්ෂා කිරීම ද මිනුම් ක්ෂේත්‍ර පොත මත සටහන් කිරීමට පෙර නැවත වරක් පරීක්ෂා කිරීම ද මගින් දෝෂ රහිත මිනුමක් ලබාගත හැකි ය.