බිම් මැනුමේ දී භාවිත වන රේඛීය මිනුම් (Linear measurements)
 බිම් මැනුමේ දී ප්‍රධාන වශයෙන් මිනුම් වර්ග දෙකක් පිළිබඳ ව අවධානය යොමු කෙරේ. ඒවා නම්, රේඛීය මිනුම් එනම්, දිග සම්බන්ධ මිනුම් සහ කෝණික මිනුම් එනම්, කෝණ සම්බන්ධ මිනුම් ය. මෙම කොටසින් රේඛීය මිනුම් පිළිබඳ විස්තර කෙරේ.

සාමාන්‍යයෙන් යම් රේඛාවක් නිර්මාණය කිරීමට ලක්ෂ්‍ය දෙකක් අත්‍යවශ්‍ය වේ. කිසියම් ලක්ෂ්‍ය දෙකක් අතර ඇති කෙටි ම දුර සරල රේඛීය දුර ලෙස හඳුන්වයි. මෙහි දී මූලික ව ම රේඛීය මිනුම් වර්ග තුනක් පිළිබඳ ව සාකච්ඡා කෙරේ. ඒවා නම්,
* තිරස් දුර
* සිරස් දුර
* ඇල දුර නමිනි.
(c) Shilpa Sayura Foundation 2006-2017