මූල ද්‍රව්‍ය වල පරමාණු සංයුතිය
 

මූල ද්‍රව්‍යයෙන් මූල ද්‍රව්‍යයට පරමාණුවල සංයුතියද වෙනස් වේ


















හයිඩ්‍රජන් (H)

ප්‍රෝටෝන/ඉලෙක්ට්‍රෝන → 1/1 → K කවචය



පරමාණුවේ ඇති මේ සරළ බව නිසා හයිඩ්‍රජන් සැහැල්ලුම මූල ද්‍රව්‍ය වේ.


හීලියම් (He)

ප්‍රෝටෝන/ඉලෙක්ට්‍රෝන → 2/2 → K කවචය


හීලියම් පරමාණුවට සරළ බවින් දෙවන තැන හිමි වේ.මෙවැනි පරමාණු වල න්‍යෂ්ටියෙන් ඇති ප්‍රෝටෝන ගණන හා කවච වල ඇති ඉලෙක්ට්‍රෝන ගණන සමාන බැවින් ඒවා අතර ආකර්ෂණය ඉතා ඉහල වේ.තවද මෙම පරමාණු වල බන්ධන සෑදීම හෝ විදුලිය ගමන් කිරීම සඳහා හෝ නිදහස් ඉලෙක්ට්‍රෝන නොමැති නිසා මෙම මූල ද්‍රව්‍ය හරහා සාමාන්‍ය දද්වයන් යටතේ දී විදුලිය ගමන් නොකරයි.



කාබන් (C)

ප්‍රෝටෝන/ඉලෙක්ට්‍රෝන → 6/6 → K කවචය-2, L කවචය-4





කාබන් පරමාණුවේ කවච දෙකක් (K,L) පවතී.දෙවන කවචයේ ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටියෙන් ඇති කරන ආකර්ෂණය සාපේක්ෂව අඩු බැවින් බන්ධන සෑදීම සඳහා නැඹුරුතාවක් දක්වයි.ஃ කාබන්,සිලිකන්,ජර්මේනියම් වැනි මූල ද්‍රව්‍ය වල අර්ධ වශයෙන් විදුලිය ගමන් කරයි.


තඹ (Cu)

ප්‍රෝටෝන/ඉලෙක්ට්‍රෝන → 29/29 → K කවචය-2, L කවචය-8, M කවචය-18, N කවචය-1



තඹ පරමාණුවේ කවච 4ක් පවතී.4වන කවචයේ ඉලෙක්ට්‍රෝනයට න්‍යෂ්ටියෙන් ඇති කරන ආකර්ෂණය හා ඉලෙක්ට්‍රෝන-ඉලෙක්ට්‍රෝන මගින් ඇති කරන ආකර්ෂණය සාපේක්ෂව ඉතාම අඩු බැවින් එම ඉලෙක්ට්‍රෝනය නිදහස් චලනයකට වැඩි නැඹුරුතාවක් දක්වයි.ஃ තඹ,රිදී,රන් වැනි ලෝහ වල ඉතා හොඳින් විදුලිය ගමන් කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017