අගය සෙවීම
 

අගය සෙවීම

බහු මානය පාවිච්චි කිරිමට පෙර එහි සුවකය 0 තිබේදැයි පරික්ෂා කළ යුතුය. එසේ නොවෙතොත, සුන්‍යය සිරු මාරුවෙන් සුවකය ඕම් පරිමාණයේ 0 වෙත ගෙන ආ යුතුය. ඉන්පසු බහු මානයේ ධන නියමුව වැඩි ම පරිමාණයකින් යුත් අග‍්‍රයට (අග‍්‍ර 10ට) සම්බන්ධ කොට ධන සහ ඝෘණ නියමු ලූහුවත් කළ යුතු වේ. මෙසේ නියමු ලූහුවත් කළ විට ගැල්වනෝ මාන සුවකය ඕම් පරිමානයේ 0 හෙවත් සුන්‍යය දක්වනු ඇත. එසේ නොවෙතොත්, 10 වන අග‍්‍රයට සම්බන්ධ විභව මානය VR3 සිරුමරු කිරිමෙන් සුවකය ශුන්‍යයට ගෙන ආ යුතුය. වැඩි වේලාවක් ධන - ඝෘණ නියමු ලූහුවත් කොට නොතැබිය යුතුය. එමඟින් බැටරිය විසර්ජනය විමට ඉඩ තිබේ. මෙසේ පරිමානයට සරිලන ලෙස ගැල්වනෝ මානය සිරුමාරු කිරිමෙන් අනතුරුව අවශ්‍ය ප‍්‍රතිරෝධක අගය මැන ගත හැකිය. මානයෙන් ලබාගත් කියවිම අදාල අග‍්‍රයේ ගුණිතයෙන් වැඩි කිරිමෙන් ප‍්‍රතිරෝධක අගය ලැබේ. උදාහරණයක් ලෙස 9 වන අග‍්‍රය පාවිච්චි කරන ලද නම් මානයේ කියවිම 1000 න් ගුණ කිරිමෙන් ප‍්‍රතිරෝධකයේ අගය ඕම්වලින් ලැබේ.

ප‍්‍රතිරෝධකය අඩු අගයක එකක් නම්, වඩා නිවැරදි පාඨාංකයක් ලබාගැනිමට අඩු පරාසයකින් යුතු පරිමාණයක් යොදා ගත හැක. කෙසේ වෙතත්, පරිමාණය වෙනස් කරන හැම අවස්ථාවකම ශුන්‍යය 0 සහ අනන්තය සඳහා මාන සුචකය සිරුමාරු කිරිම අවශ්‍ය වෙයි.

විශේෂයෙන් ම මෙගා ඕම් M පරිමානයෙහි මිනුම් කරන විට ධන සහ ඝෘණ නියමු ස්පර්ශ කිරිම නොකළ යුතුය. ධන සහ ඝෘණ නියමු ස්පර්ශ කළවිට පරිමාණය හරහා සුචකය විස්ථාපනය වනු දක්නට ලැබේ. හේතුව අපගේ ශරිරය හරහා විදුලිය ගමන් කිරිම යි. මේ නිසා, නියමු ස්පර්ශ කොට පාඨාංකයට ඇතුලත් වනු ඇත. හැම විටම නියමු ස්පර්ශ කළ යුතතේ එහි පරිවාරක කොටසෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017