රූපයෙහි දැක්වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සෘජුකරණය සඳහා යොදා ගන්නා පරිපථයකි. එහි දියෝදයක් D යොදා ප්‍රත්‍යාවර්ත ධාරාව සෘජුකරණය කර ඇත. (දියෝදයක් හරහා ධාරාවට ගලා යා හැක්කේ එක් දිශාවකට, එනම් ධන සිට ඝෘණ දක්වා පමණි.) (ආ) රූපයෙහි දැක්වෙන ප්රත්යාවාර්ත ධාරාව මෙසේ සෘජුකරණය කිරිමෙන් අනතුරුව (ඊ) රූපයෙහි දැක්වේ. ප්‍රත්‍යාවර්ත ධාරවෙහි ඝෘණ අගය කැපි ගොස් ධන අගය පමණක් ඉතිරිව ඇති සැටි පෙනෙනු ඇත.
මෙහි 11 සිට 14 දක්වා වු අග්‍ර ප්රත්යාවාර්ත වෝලටියතාව මැනිම සඳහා වේ. ඒ සෑම අග්‍රයක් සමග ම දියෝදයක් D1- D4 ශ්‍රේණිගත කොට, ධාරාව සෘජුකරණය කිරිමෙන් පසු, ප්‍රතිරෝධයක් (R11 සිට R14) හරහා ගැල්වනෝ මානයට යොමු කොට ඇත. මෙලෙස සෘජුකරණය කළ ධාරාවට ගැල්වනෝ මානය සංවේදි නිසා ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටියතා මැනිය හැක.