විද්යුතය හා බැඳුණු සරළ පරීක්‍ෂණ – තාපය
 
විදුලි ශක්තය විවිධ ශක්ති ප්‍රබේද වලට හරවා විවිධ ක්‍රියාකාරකම් කරවාගත හැක.
මේ අතුරින් විදුලි ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය කරන්නේ කෙසේදැයි නිරීක්ෂණය කරමු.

මේ සදහා පහත දැක්වෙන උකරණ සකස් කර ගත යුතු වේ.
 

වියළි කොෂ දෙකක්, 
වයර් කැබලි කිහිපයක්,
කුඩා වෝල්ටීය තාවයක් සහිත විදුලි බල්බයක්,
නික්‍රෝම් කම්බියක්. 
උෂ්ණත්ව මාණයක්‌ යන උපකරණ සොයාගතයුතුය.
නික්‍රෝම් කම්බි මෙලෙස පැන්සලක් වටා එතීමෙන් දඟරයක් සාදා ගනු ලැබේ.
දැන් මෙම විදුලි උපකරණ සියල්ල පහත පරිපථය පරිදි එකලස්‌ කරගනු ලැබේ.
මෙම පරිපථය නිවැරදි ලෙස ක්‍රියාත්මක කළ වට ප්‍රථමයෙන් විදුලි බුබුල දැල්වේ.

විදුලි බුබුලත් සමඟම නික්‍රෝම් කම්බිය හරහා ද විදුලි ධාරාව ගලා ගොස් දඟරය රත්වීමට පටන්ගනී. මද වේලාවකට පසු උෂ්ණත්ව මාණයෙන් නිරීක්ෂණය කළ හැක.

විදුලි කේතල, විදුලි ස්ත්‍රික්ක, විදුලි උදුන් යන මේ සෑම තාපය නිපදවන උපකරණකම සිදුවන්නේ මෙම ක්‍රියාවයි.එනම් විදුලි ශක්තිය තාප ශක්තිය බවට හැරවීමයි.


(c) Shilpa Sayura Foundation 2006-2017