පරිණාමකය
 

පරිණාමකය



පරිණාමකය අන්‍යෝනය පේ‍්‍රරණයෙහි සෘජු යොදා ගැනිමකි. ප‍්‍රාථමික දඟරය සවල වෝල්ටීයතා ජනකයට (ප‍්‍රත්‍යාවර්ත වැනි) සම්බන්ධ කර , ද්විතිය දඟර හාරයකට සම්බන්ධ කළ විට ද්විතිය දඟරය හරහා විභව අන්තරයක් පේ‍්‍රරණයව, භාරය හරහා ධාරාවක් ගලයි. මෙසේ පේ‍්‍රරණය වන්නා වු වෝලටීයතාව ප‍්‍රාථමික දඟරයට අඩු හෝ වැඩි වෙයි. ප‍්‍රාථමික දඟරය(L1) ද්විතිය දඟරයට සම්බන්ධ වන්නේ L1 සිට L2 ආඳන චුම්බක ස‍්‍රාවය මඟිනි. (13.8 චිත‍්‍රය බලන්න) L1 සහ L2 හි කුහරය මෘදු යකඩ වු විට ඇඳුම් සංගුණිකය k≈1 වන නිසා, ප‍්‍රාථමික දඟරයෙහි මුළු ජවය ද්විතිය දඟරයට ප‍්‍රදානය කරනු ලබයි. 13.8 චිත‍්‍රයේ දැක්වෙන මෙවැනි පරිණාමකයක් ක්ෂමතාව අතින් ඉතා ඉහළ අගයක් ගනි.





දඟරයෙහි මුළු ජවය ද්විතිය දඟරයට ප‍්‍රධානය කරනු ලබයි. 13.8 චිත‍්‍රයේ දැක්වන මෙවැනි පරිණාමකයක් ක්ෂමතාව අතින් ඉතා ඉහළ අගයක් ගනි.



වෙළුම් අනුපාතය සහ වෝල්ටීයතා අනුපතාය



මෙළුම් අනුපාතය යනු L1සහ L2 අතර ඇති පොටවල් ප‍්‍රමානයේ අනුපාතයයි භචයනු L1හි පොටවල් ගණන සහ Ns යනු L2 හි පොවල් ගණන නම්, වෙළුම් අනුපාතය =Np/Ns වෙයි. මෙලෙසම Vp යනු L1හි වෝලටියතාව නම් සහ Vs යනු L2 හි වෝලටියතාව නම් වෝල්ටීයතා අනුපාතය =Vp/Vs වෙයි.



13.8 චිත‍්‍රයේ පරිණාමකය වැනි k≈1 වන පරිණාමකයක, වෙළුම අනුපාතයට වෝලටීයතා අනුපාතය සමාන වෙයි.

Np/Ns =Vp/Vs ............................(13.5)



ප‍්‍රාථමික දඟරයට වැඩි පොටවල් ගණනක් ද්විතිය දඟරයෙහි ඇතෝත්, ද්විතිය දඟරයෙහි වැඩි වෝලටීයතාවක් පේ‍්‍රරණය වේ. එවිට, අධිකර පරිණාමකයක් ලැබෙයි. ප‍්‍රාථමික දඟරයෙහි පොටවල් ගණන ද්විතිය දඟරයට වැඩි වු කල ද්විතිය දඟරයෙහි අඩු වොල්ටියතාවක් පේ‍්‍රරණය විමෙන් අවකර පරිණාමකයක් ලැබේ.



ඉහත 13-5 සමීකරණය සත්‍ය වන්නේ යකඩ හරයකින් යුත් ශ‍්‍රවය සංඛ්‍යාත අඩු සංඛ්‍යාත* පරිණාමකවලට පමණකි. ගුවන් විදුලි සංඛ්‍යාත පරිණාමක සඳහා අනුනාදය මුල් තැනක් ගනි.



උදාහරණ 13.4



ප‍්‍රාථමික දඟරයෙහි පොටවල් 800 ක් සහ ද්විතිය දඟරයෙහි පොටවල් 200 ක් ඇති ජව පරිණාමකයක ප‍්‍රාථමික වෝලටියතාව 240V වේ. ද්විතිය දඟරයෙහි ප‍්‍රතිධාන වෝලටියතාව කොපමනද? (ඇඳුම් සංගුණික k≈1)



විසඳුම



වෙළුම් අනුපාතය 800/200

Vp/Vs = Np/Ns

Vs = Np/Ns x Vp

= 200/800 x 240

ප‍්‍රතිදානය = 60V



උදාහරණ 13.5



ප‍්‍රාථමික දඟරයෙහි පොටවල් 100 ක් ඇති අධිකර ජව පරිණාමකයක ප‍්‍රධාන වෝලටියතාව 240V වේ. ප‍්‍රතිදානය 240V ලබාගැනිමට ද්විතිය දඟරයෙහි පොටවල් කොපමණ එතිය යුතුද? (k≈1)

Vp/Vs = Np/Ns

Ns = Vp/Vs x Np

= 240/24 x 100

= 1000

ද්විතිය දඟරය පොටවල් = 1000



ද්විතිය දඟරයෙහි ජවය



මෘදු යකඩ හරය සහිත පරිණාමකයක ජව කාන්දු විමක් නොමැති තරම් වේ. එම නිසා ප‍්‍රාථමික දඟරයෙන් ප‍්‍රධානය කෙරෙන ජවය මුළු මිනන් ම ද්විතිය දඟරයෙන් ප‍්‍රතිදාන වන බව සැලෙක්. එමේ තත්ත්වය යටතේ ක්ෂමතාව 100% කි.



Pp = Ps (13.6) ( Pp - ද්විතියික ජවය)

ජවය P = VI ( Ps - ප‍්‍රාථමික ජවය)

VpIp = VsIs (13.7)



ද්විතිය දඟරයෙහි ධාරාව රැුඳි පවතින්න් භාරයෙහි ප‍්‍රතිරෝධය R (චිත‍්‍රය 13 - 8) මතය. ඕම්ගේ නියමය මෙහි ක‍්‍රියාත්මක වන අතර, ප‍්‍රතිරෝධය වැඩිවත් ම ධාරාව අඩු විමත්, ප‍්‍රතිරෝධය අඩුවිම සමඟ ධාරාව වැඩිවිමත් සිදු වේ. ධාරාව වැඩිවන විට VsIs අගයද වැඩි වන බැවින් සමිකරණය සත්‍ය විම පිණිස ප‍්‍රාථමික ධාරාව Ip වැඩි විම අවශ්‍යයෙන්ම සිදුවිය යුතුය. මේ අනුවල සැලසුම් කරන ලද ප‍්‍රමාණයට වැඩි ප‍්‍රතිදානයක් ලබාගත හොත් ප‍්‍රාථමික දඟරයෙහි අධික ධාරාවක් ගැලිමෙන් පිලිස්සි යාමට ඉඩ තිබේ.



ස්වයං පරිණාමකය



ස්වයං පරිණාමකයෙහි ඇත්තේ එක එතුමක් පමණකි. අවකර ස්වයං පිණාමකුටයක් 18-9 චිත‍්‍රයෙහි (අ) රූපයෙන්ද අධිකර ස්වයං පරිනාමකයක් (ආ) රූපයෙන්ද දැක්වෙයි.





අවකර පරිනාමකයෙහි සැපයුම් වෝලටියතාව A,B ලක්ෂවලට සම්බන්ධ කොට ඇත. (අ) රූපය සැවුන C‍1සහ B අතර ප‍්‍රතිදානය ලබාගැනේ. ප‍්‍රතිදානය , ද්විතියික දඟර පොටවල් ගණන (Ns) සහ ප‍්‍රාතමික දඟර පොටවල් ගණන (Np) අතර අනුපතාය වෙයි. මෙහි Np>Ns නිසා එය අවකර පරිනාමකයක් ලෙස ක‍්‍රියා කරයි. (ආ) රූපයෙහි සැපයුම් වෝලටියතාව B',C' ලක්ෂවලට සම්බන්ධ කොට ප‍්‍රතිදානයA' සහ B' අතරින් ලබාගැනේ. මෙහි L'p පොටවල් ප‍්‍රමාණය L's පොටවල් ප‍්‍රමාණයට අඩු ය. (Np'

ස්වයං පරිණාමකයෙහි ඇත්තේ එක වෙළුමක් සහ අග‍්‍ර තුනක් නිසා පරිහරණයෙහි පහසුව ඇත. එහෙත්, සැපයුම් වෝල්ටීයතාව ඒකලිත කර නොමැති නිසා, විදුලිසැර වැදිමේ ප‍්‍රවණතාව වැඩිය.



යකඩ හානිය



මෘදු යකඩ හරයක් සහිත පරිණාමකය, ශක්ති හානියක් නොමැති, ක්ෂමතාව 100% ක් වුවක් ලෙස සාමාන්‍යයෙන් සැලකේ,. එහෙත් , සත්‍ය තත්තවය එය ම නොවේ. පරිණාමකයක් මඳ වේලාවක් ක‍්‍රියා කරන විට මඳ ප‍්‍රමාණයිකන් හෝ තාපය පිටවන බව පෙනෙුන ඇත. මෙසේ තාපය බවට හැරි ඇත්තේ පරිණාමකයට සපයන ලද ශක්තියෙන් කොටසකි.



පරිණාමකයක ශක්ති හානියට හේතු දෙකක් වෙයි. ඉන් ප‍්‍රධාන එවන්නේ සුළි ධාරාව යයි. අනෙක මන්දායනය යි.



සුළි ධාරව



යකඩ හරයක් ඇති පේ‍්‍රරකයක, දඟරයෙහි වෝලටීයතාව සසල වන විට, හරයෙහි ද විභව අන්තරයක් පේ‍්‍රරණය ව ධාරාවක් ගලයි. මෙම ධාරාව සුළි ධාරාවයැයි කියනු ලැබේ.



පරිණාමකයක ප‍්‍රාථමික දඟරයට ප‍්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් හෝ වෙනත් උච්චාචවන වෝල්ටීයතාවක් ප‍්‍රදානය කළ විට ද්විතිය දඟරයෙහි වෝල්ටීයතාවක් ජනනය වන අතර ම, හරයෙහි සුළි ධාරාවක් ද ඇති වෙයි. සුළි ධාරාව ගලන්නේ එය ජනනය කරන ප‍්‍රාථමික දඟරයෙහි ධාරාවට විරුද්ධ ව නිසා, ප‍්‍රාථමික දඟරයෙහි ධාරාව පහත වැටේ, එහෙයින්, අවශ්‍ය ධාරාව වෙනස් නොකොට තබාගැනිමට වැඩි විභවයක් යෙදවිමට සිදු වේ. මෙය ශක්ති හානියකි.



හරය ලෙස වාතය පාවිච්චි කිිරිමෙන් සුළි ධාරාව වැළකි යයි. එහෙත් වාතය සහිත හරයෙහි ස‍්‍රාව ඝන්තවය අඩු නිසා, ඇඳුම් සංගුණිකය (k) අඩුවෙයි. සුළි ධාරාව අඩු කිරිම පිණිස හරය ප‍්‍රතිරෝදය අධික සිලිකන් ස්ටීල් වැනි තුනි තහඩු කොටස්වලින් නිම කොට එකිනෙක අතර වානිෂ් වැනි පරිවාරක ද්‍රවයයක් අලේප කරනු ලැබේ. අධිසංඛ්‍යාත පරිණාමකවල ෆෙරයිටි හර යොදා ගැනේ. යකඩ කුඩු මැටි සමඟ මිශ‍්‍ර කර පුච්චා සකසන ෆෙරයිඩකුට්, මෘදු යකඩ මෙන් පාරගම්‍යතාව ඇතත්, ඉතා ඉහල පරිවාරක ද්‍රව්‍යයක් ද වෙයි.



සුළි ධාරා ප‍්‍රයෝජනවත් ලෙස යොදා ගන්නා අවස්ථා වෙයි. උච්ච සංඛ්‍යාත පේ‍්‍රරකයින් නිකුත් වන චුම්බක ස‍්‍රාවය වෙනත් පේ‍්‍රරකවල ක‍්‍රියාකරිත්වයට බාධා පැමිණ විමට ඉඩ ඇති එවන් අවස්ථාවක, පේ‍්‍රරක එකින් එක නිවරණය කිරිම අවශ්‍ය වෙයි. පේ‍්‍රරකයක් වටා තඹ හෝ අලූමිනියම් වැනි හොඳ සන්නයක ද්‍රවයයකින් ආවරනය කළ විට එම ආවරණයෙහි සුළි ධාරා ඇති වෙයි. චුම්බක ස‍්‍රාවය ආවරණයෙන් පිටතට කාන්දු විම ඇණ හිටි.



ගෘහස්තව පාවිච්චි කෙරෙන විදුලි බල මානයෙහි (වොට් අවර් මිටරය) වේගය පාලනය කිරිමට සුලි ධාරා යොදා ගැනේ. විදුලි බල මානයේ ඇත්තේ පේ‍්‍රරක මෝටරයකි. විදුලිය පාවිච්චිය අඩු වැඩි වන විට පේ‍්‍රරක මෝටරය ද ඒ අනුව භ‍්‍රමණය වෙයි. එහෙත් වැඩි විදුලි ධාරාවක් මානය තුලින් යාමෙන් අනතුරුව , ධාරාව සුළු මොහොතකින් අඩු වුවහොත් මෝටරය වේගය අඩුවීම සඳහා සුළු කාලයක් ගනි. එවිට විදුලිබල මානය පරිභෝජනයට වැඩි බලයක් වාර්තා කරයි. මෙය වැළැක්වීම සඳහා "U" කාන්දමක් භ‍්‍රමණය වන අලූමිනියම් තැටිය හරහා තබා තිබේ. තැටිය භ‍්‍රමණයවිමේ දි එහි ඇති වන සුළි ධාරාව විදුලි බල මානයේ වේගය පාලනය කරයි.





මන්දායනය



යකඩයක චුම්බකත්වය ඇති/නැති කිරිම සඳහා හක්ති ප‍්‍රමාණයක් අවශ්‍ය වෙයි. මෙම යකඩය ධ‍්‍රැවියතාව මාරු කරමින් වේගයෙන් දෙඅතට චුම්බක කරගෙන යාමේ දි ඉහත ශක්ති ප‍්‍රමාණය තාපය ලෙස පිට වේ.



මෘදු යකඩ හරයක් සහිත පරිණාමකයෙහි ප‍්‍රාථමික දරඟරයෙහි ධාරාව වෙනස් වන විට හරයෙහි චුම්බක ස‍්‍රාවය වෙනස් වෙයි. චුම්බක ස‍්‍රාවය වෙනස්විම් දි ඇති වන භක්ති හානිය මන්දායන හානිය ලෙස හැඳින්වෙයි. වානේ වලට පහුසවෙන් මෘදු යකඩ චුම්බක බවට පත් කළ හැකි නිසා, මෘදු යකඩවල මන්දායනය හානිය වානේ වලට බොහෝ සෙයින් අඩුය.








(c) Shilpa Sayura Foundation 2006-2017