තෙකලා විදුලිය
ජාතික ජව පද්ධතියෙන් විදුලිය ජනනය කරනු ලබන්නේ තෙකලා විදුලිය ලෙසිනි. තෙකලා විදුලි ජනකවල එකිනෙකට 120 ක පරතරයකින් පිිහිටි දඟර තුනක් වෙයි. (චිත්‍රය 12-16 (අ) බලන්න) දඟර තුනෙක් ජනනය වන තෙකලා ප්‍රතිදානය 12.6 (ආ) සටහන් දැක්වේ. තෙකලා විදුලිය, බෙදාහැරිම් දි වඩා කාර්යක්ෂම වෙයි. පේ‍්‍රරක මෝටර් ස්වයං ක්‍රියව පණ ගැන්වෙයි. තෙකලා විදුලිය සෘජු කරණය කළ විට රැුලිත්ත ද අවම වෙයි.
12-16 චිත්රයෙහි (ඉ) හි දැක්වෙන්නේ තෙකලා අවධික සටහනයි. 12.17 චිත්රයේ (අ) රුපයෙන් තෙකලා දඟර සම්බන්ධ කොට ඇති එක් ක්‍රමයක් දැක්වෙයි. මේ ක්‍රමයට තාරකා සම්බන්ධනය යැයි ව්‍යවහාර කෙරේ.
තාරකා සම්බන්ධවන ක්රමයෙහි දඟර තුනෙහිම එක් කෙළවර බැඟින් එකට සම්බන්ධ කොට තිබේ. මෙම ලක්ෂ්‍ය (O) භුගත කොට, එය උදාසින ලක්ෂ්‍යය ලෙස සැලසේ දඟරවල නිදහස් කෙරවල්වලින් කුමන දෙකක් සම්බන්ධ කළ ද දඟර දෙකක් ශ්‍රේණිගත වෙයි.
මෙම ක්‍රමයට සන්නායක හයක් හොදා සම්පේ‍්‍රෂණය කළ යුතුව තිබු ජවය සන්නායක හතරක් පමණක් පාවිච්චි කොට සම්පේ‍්‍රෂණය කළ හැක.
දඟර සම්බන්ධ කිරිමේ අනෙක් ක්‍රමය ඩෙල්ටා ක්‍රමයයි. මෙලෙස එය හැඳින්වෙන්නේ Δ(ඩෙල්ටා) නම් ග්‍රික් අක්ෂරයෙහි හැඩයට සම්බන්ධය කර ඇති හෙයිනි. (චිත්‍රය 12.17 ආ) ඩෙල්ටා ක්රමයෙහි කුමන නිදහස් කෙරවල් දෙකක් අතරින් ප්‍රතිදානය ලබා ගත්තේත් එක් දඟරයක් පමණක් සම්පන්ධ වෙයි.
විදුලි බලාගාරවල තෙකලා විදුලිය ජනනය කරනු ලැබුවද, බොහෝ විට නිවෙස්වලට බලය සැපයෙන්නේ එක් කලාවකින් පමණකි.