සංඛ්‍යාත ඒකය
සංඛ්‍යාතය මනිනු ලබන්නේ තත්පරයට චක්‍ර වශයෙනි. තත්පරයට චක්රයක සංඛ්‍යාතය හර්ට්ස් 1 සේ (1Hz) නම් කෙරේ. (හෙන්රිච් රුඩොල් හර්ට්ස් නම් ජර්මන් විද්‍යාඥයා සිහිවීම අරභයා ය. 1887 දි ප්‍රථම වරට ගුවන් විදුලි විකාශනයක් කොට, ගුවන්විදුලි තරංග පිළිබඳව පැහැදිලි කිරිමක් කළේ හර්ට්ස් විසිනි)
චක්‍ර (සයිකල්) - 1000Hz = 1KHz (කලෝහර්ට්ස්)
කිලෝහර්ට්ස් - 1000KHz = 1MHz (මෙගා හර්ට්ස්)
මෙගා හර්ට්ස් - 1000MHz = 1GHz (ගිග හර්ට්ස්)
(1GHz = 103 MHz =106 KHz = 109 Hz )
ශ්‍රවය සංඛ්‍යාත සහ ගුවන් විදුලි සංඛ්‍යාත තරංග
මිනිසාගේ කනට ඇසෙන සංඛ්‍යාත ශ්‍රවය සංඛ්‍යාත ලෙස හැඳින්වෙයි. සාමාන්‍ය මිනසාකුට 16Hz සිට16000Hz දක්වා ඇසේ, මෙයට වැඩි සංඛ්‍යාත තරංග බල්ලන්ට සහ තවත් සමහර සතුන්ට ශ්‍රවණය කළ හැක.
සංඛ්‍යාතයෙන් වැඩි (30KHz වැඩි) විද්‍යුත් චුම්බක තරංග ගුවන් විදුලි තරංග ගණයට වැටේ. ගුවන් විදුලි තරංගවලට ඕබබෙන් (මයික්‍රොවේවි) ක්ෂුද්‍ර තරංග ද, ඉන් ඔබ්බෙහි ආලෝක තරංග ද ආදි වශයෙන් වෙයි.