සයිනාකාර තරංග විස්තාරය
සයිනාකාර තරංගයක විස්තාරය එවැනි ම තවත් තරංගයකින් වෙනස් විය හැක. 12.6 චිත්රයෙහි OABCD තරංගයත්, OEBFD තරංගයත් එවැනි තරංග දෙකකි. OABCD තරංගයෙහි උච්ච අගය, මධ්‍යක අගය මෙන්ම වර්ග මධ්‍යයන මුල අගය ද OEBFD තරංගයට බොහෝ සෙයින් වෙනස් වෙයි. එහෙත් මේ දෙකම සමාන සයිනාකාර තරංග වේ. තරංග දෙක වෙනස් වන්නේ විස්තාරයෙනි.
සංඛ්‍යාතය
12.3 චිත්රයේ දක්වා ඇත්තේ එක් තරංගයකි. එහි ප්‍රස්තාරයේ Y අක්ෂයෙන් විස්තාරය දක්වන අතර, X අක්ෂයෙන් කලය පිළිබිඹු කරයි. 1,2,3,4,5 තරංගය සම්පුර්ණ විමේ දී සම්පුර්ණ චක්‍රයක් (අ) රුපය ද අවසන් වෙයි. මෙම චක්‍රය සඳහා ගතවු කාලය t ලෙස සැලකුව හොත් සයිනාකාර තරංගය දිග හැරිමට ගතවු කාලය ද වෙයි.
මෙය වඩාත් පැහැදිලි ලෙස 12.7 චිත්රයෙන් දැක්වෙයි. මෙහි A/E ලක්ෂණයෙන් පටන් ගන්නා දෛශික අරය ඍ වෘත්තියෙහි දක්ෂිණාවර්තව B දක්වා භ්‍රමණය වු විට සයිනාකාර තරංගයA' සිට B' දක්වා ජනිත වේ. R,C දක්වා භ්‍රමණය විමේ දි තරංග B' සිට C' තෙක් ගමන් කරයි. මෙලෙස R තවදුරටත් D හරහා භ්‍රමණය ව A/E ලක්ෂයට ආපසු පැමිණිමේ දී තරංගය D' හරහා E' දක්වා ගමන් කරයි.
ABCD වෘත්තියෙහි දෛශික අරය (R) ට එක චක්‍රයක් ජනනය කිරිමට ගත වන කාලයේ දී A'B'C'D' සයිනාකාර තරංගය ද ජනිත වේ. මෙම කාලය කාලාවර්තය ලෙස හැඳින්වේ. තරංගයේ කාලාවර්තය t නම් තත්පරයක් තුළ දි මෙවැනි කාලාවර්ථ කොපමණ ඇතිවිය හැකිය දැනගත හැක. එය අනිවාර්යයෙන් ම 1/t වේ. කාලාවර්තනයේ පරස්පරය සංඛ්යාවත යයි
f = 1/t .............................. (12-1)
12.6 චිත්රයෙහි OABCD තරංගයත්, OEBFD තරංගයත්, එක ම සංඛ්‍යාතයෙහි තරංග වේ. වෙනස ඇත්තේ විස්තරායෙහි පමනි එනම්, ඵලූම තරංගය නිරූපනය කරන වෝලටීයතාව හෝ ධාරාව දෙවන තරංගය නිරූපණය කරන අගයට වැඩිවිම පමණකි. 230V වු ගෘහස්ථ විදුලි බල වොල්ටීයතාව පරිණාමකයක් යොදා 12V බවට පත් කළවිට (පරිණාමක පිළිබඳ කොටස කියවන්න) ලැබෙන තරංගය ද මේ සමාන වුවකි. 230V සහ 12V තරංග අතර විස්තාරයෙහි විශාල වෙනසක් තිබුණ ද, සංඛ්‍යාතය එක සමාන ය.
මේ අයරින් ම, වෙනස් සංඛ්‍යාතයක , එහෙත් එකම විස්තරයක් ඇති තරංග ද වෙයි. 12.8 චිත්‍රය මෙවැනි තරංග දෙකක් දක්වයි.
මෙහි AFGHC තරංගයෙහි සංඛ්‍යාතය ABCDE තරංගයෙහි සංඛ්‍යාතය මෙන් දෙගුණයකි. විස්තරය මෙන්ම, සංඛ්‍යාතය ද එකිනෙකට වෙනස් නොයෙකුත් ආකාරයේ සහිනාකාර තරංග වර්ග වෙයි.