ප‍්‍රත්‍යාවර්ත ධාරාව
 

ප‍්‍රත්‍යාවර්ත ධාරාව



සයිනාකාර ප‍්‍රත්‍යාවර්ත වෝලටියතාවක් ඒමික භාරයකට ඇඳු විට, භාරයට ලැබනේනේ සයිනාකාර ධාරාවකි. භාරය හරහා වෝලටීයතාව වැඩි වන විට ධාරාවද වඩි වන අතර, වෝල්ටීයතාව අඩු වන විට ධාරාව අඩුවෙයි. එනම්, ප‍්‍රත්‍යවාර්ත ධාරාව එහි වොල්ටීයතාවට සමගාමිව වෙනස්වෙයි.



12.4 චිත‍්‍රයෙහි (ආ) රුපයෙන් නිරූපණය වන්නේ (අ) රුපයෙහි භාරය ( RL)වෙත යොදන ලද සයිනාකාර ප‍්‍රත්‍යාවර්ත වොල්ටීයතාව ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩි වන විට භාරය තුළ ධාරාව ද වැඩි වන බව (7 රූපයේ ප‍්‍රස්තාරය දැක්විය. එලෙස ඒ වොල්ටීයතාව අඩු වන විට ධාරාව ද අඩු වේග කෙසේ වුවත්, වේල්ටීයතාව සහ දාරාව අතර මෙම සම්බන්ධය පවතින්නේ භාරය ඕම්ක භාරයක් (ප‍්‍රතිරෝධයක්) නම් පමණි. ඕම්ගේ නියමය ක‍්‍රියාත්මක වන්නේ ප‍්‍රතිරෝධක තුලින් ධාරාවක් ගලන විටය.





සයිනාකාර වෝලටියතාවේ ඝෘණ භාගයේ දී භාරයෙහි වොල්ටීයතාව විරුද්ධ අතට වැඩි විමට පටන් ගනි. එවිට , ධාරාව ද ගලන දිශාව වෙනස් වී පෙර දිශාවට විරුද්ධ අතට වෝල්ටියතාව සමඟ ම වැඩි විමත්, ඉන්පසු වේලටීයතාව සමඟ ම අඩු විමත් සිදු වේ.



ප‍්‍රත්‍යවර්ත ධාරාවක් ප‍්‍රතිරෝධයක් තුලින් ගලන විට, ධාරාවේ ධන භාගයමෙන් ම, ඝෘණ භාගය ද එක ලෙස ම තාපය ඇති කිරිමට සමත් ය. උදාහරණයක් ලෙස ප‍්‍රත්‍යවර්ත ධාරාවක් විදුලි බුබුළක් තුළින් ගමන් කරන විට, ධාරාව කිනම් අතට ගැලූවත්, ඉන් නිකුත් වන ආලෝකයෙහි වෙනසක් වන්නේ නැත. 12.4 චිත‍්‍රයෙහි (අ) රුපයෙහි RL ප‍්‍රතිරෝධකය හරහා ධාරාව A සිට B දක්වා ගැලූවත් B සිට A දක්වා ගැලූවත් එක සමානව තාපය නිකුත් වෙයි.



1.25 සයිනාකාර තරංගයක වෝලටීයතා සහ ධාරා අගය





සයිනාකාර වෝල්ටීයතා/ධාරා තරංගයක විස්තාර අගයන් සැමහ මෙහොතක ම වෙනස් වේ. සරල ධාරාව විදුලිය හා සම්බන්ධකම් පැවැත්විමට සහ වෙනත් ප‍්‍රයෝජන සලකා එහි විශේෂිත අගයන්හි අර්ථ දැක්විම ප‍්‍රයෝජනවත් වේ. 12.5 චිත‍්‍රයෙන් සයිනාකාර තරංගයක් දැක්වේ. මෙහි විශේෂිත අගයන් වෙන වෙන ම සලකා බලමු.



උච්ච අගය



සයනාකාර තරංගයෙහි අගය මොහොතින් මොහොත වෙනස්වී ගොස් ශුන්‍ය සිට උපරිමය දක්වා වෙනස් වේ. මෙම උපරිම අගය උච්ච අගය ලෙස සැලකේ. සයිනාකාර තරංගයට ධන උච්චයක් මෙන් ම ඝෘණ උච්චයක් ද ඇත. 12.5 චිත‍්‍රයෙහි A ධන උච්චය වන අතර ඝෘණ B උච්චය වෙයි. ප‍්‍රත්‍යාවර්ත විදුලියෙහි මෙම උච්චයත් වෝලටීයතාව හෝ ධාරාව සදහා විය හැක. උච්චය තරංග කාලයෙන් මොහොතක් පමණි.



අච්චයේ සිට උච්චය දක්වා අගය



උච්චයේ සිට උච්චය දක්වා අගය වන්නේ තරංගයෙහි ධන උච්චයේ සිට ඝෘණ උඡ්චය දක්වා අගයයි. එය තරංගය පුර්ණ විස්තාරය වෙයි. 12.5 චිත‍්‍රයෙහි A සිට B දක්වා වු පරාසය එහි දැක්වෙන සයිනාකාර තරගයේ අච්චයේ සිට උච්චය දක්වා වු අගයයි. ධන උච්චය සමඟ කොයිම අවස්ථාවක් වත් ඝෘණ උච්චය ඇති විය නොහැකි නිසා උච්චයේ සිට අච්චය දක්වා වු අය තාත්වික අගයක් නොවේ.



මධ්‍යක අගය



සයිනාකාර තරංගයෙහි අඩ චක‍්‍රයක් (0ද සිට 180ද දක්වා) සියලූ අගයන්ගේ ඓක්‍යය අගයන් ගණනනෙන් බෙදිමෙන් ලැබනෙ සංඛ්‍යාව මධ්‍යක අගය වෙයි. මධ්‍යක අගය සෙවීමේ දි තරංග චක‍්‍රයෙන් අඩක් පමණක් යොදා ගන්නේ, එක් අඩක් ධන වන අතර, අනෙක් අඩ ඝෘණ වන නිසාවෙනි. මුළු චක‍්‍රය ම මධ්‍යක අගය සෙවිම සඳහා යොදාගත හොත් පිළිතුර ශුන්‍ය වනු ඇත.



තරංග චක‍්‍රයෙහි (180ද ක) සියලූ කෝණවල සයින වටිනාකම ගෙන මධ්‍යන අගය සෙව්වහොත් එය 0.637 ක් වනු ඇත. සයින උපරිම අගය 1 වන නිසා.



මධ්‍යක අංගය 0637 උච්ච අගය වෙයි.



මෙය 12.6 චිත‍්‍රයන් සහ 12 -1 වගුවෙන් වඩා පැහැදිලි වෙයි. 12.6 චිත‍්‍රයෙහි සයිනාකාර අර්ධ තරංගයක් OAB අංශක 15 කෝණවලට බෙදා ඇත. OAB අර්ධ තරංගය, අංශක 180ද ක් නිසා, 15ද කෝන ඇත්තේ 12 ක් පමණි. මෙම කෝණයන්හි සයින අගයන්ගේ මධ්‍යක අගය 0.633 වෙයි. කෝණ ප‍්‍රමාණය වැඩි කළා නම් මධ්‍යක අගය 9.637 ට ආසන්න වනු ඇත.



කෝණයක සයින යනු කෝණය අඩංගු ත‍්‍රිකෝණයෙහි විරුද්ධ පාදය කර්ණයෙන් බොදිමෙන් ලැබෙන අගයයි.



සයින් Φ = BC/AB සයින = උපරිම 90 ද සයින = 1







මධ්‍යක අගය = 7.5956/12 = 0.6330 Ö6/12 = 0.707 = වර්ග මධ්‍යන්‍ය මුල අගය



වර්ග මධයන්‍ය මුල අගය



සයිනාකාර තරංග ප‍්‍රත්‍යවර්ත විදුලි චක‍්‍රයෙහි වඩාත්ම සඵල අගය 45ද දි අගය වේ. 45 දි අච්ච අගයෙන් 70.7% ක්ම ඇත. අර්ධ චක‍්‍රයෙහි සියලූ කෝණවල සයින අගයන්ගේ වර්ගයෙහි සාමාන්‍යයෙහි වර්ග මුලය, වර්ග මධ්‍යන්‍ය මුල අගය ද 0.707 බව 12.1 වගුවෙන් පෙනෙනු ඇත.



ව.ම.මු. අගය = 0.707 උච්ච අගය

V (උච්ච) = V (ව.ම.ම.)රැු0ග707 ු1ග414ඪ (ව.ම.මු)



ජාතික විදුලි බල පද්ධතියෙන් ලැබෙන විදුලි බලය 230 V යි සඳහන් වන්නේ එහි ව. ම.මු. අගය 230V බැවිනි

ජාතික විදුලි බල අච්ච අගය = 230V/0.707 = 325V

මධ්‍යක අගය = 325 X 0.637V = 207V



උච්ච අගය ව.ම.මු. අගය මෙන් 1.414 ගුණයක් වන නිසා, උච්චයේ සිට අච් අගය ව. ම.මු. ගඅය මෙන් 2.82 ගුණයකි.

උච්යේ සිට උච්ච අගය = 230 X 2.82V = 650V



වර්ග මධ්‍යන්‍ය මුල අගයෙහි වැදගත්කම නම් සයිනාකාර ජව සැපයුමකට බලය නිපදවිමේ ඇති හැකියාව පිළිබඳ හැඟිම් එය ලබාදිම යයි. ව.ම. මු. 230V හි තාප ශක්තිය ඇති කිරිමේ හැකියාව, 230V ක සරල විදුලියක ඇති හැකියාවට සමානය. 60W විදුලි බුබුලක් ව.ම.මු. 230 V පත්‍යාවර්ත සැපයුමක යෙදු විට ලැබෙන ආලෝකය, 230 V ක සරල ජව සැපයුමක යෙදු විටෙක ලැබෙන ආලෝකයට සමාන ය.



විශේෂයෙන් සඳහන් කරනු නොලැබුවහොත් ප‍්‍රත්‍යාවර්ත විදුලි සැපුයම සැමවිට ම වර්ග මධ්‍යන්‍ය මුල අගය (R.M.S. VALUE) මත වේ. සරල විදුලි සැපුයමක මේන ව.ම.මු. අගය වෝලටීයතාව V ලෙස ද, ධාරාව I ලෙස ද හැඳින්වෙයි. ව.ම.මු. අගය සරල අගය ද විම මෙයට හේතුවයි.



ගුවන් විදුලි යන්ත‍්‍ර සහ ජව වර්ධක පිලිබඳච ප‍්‍රචාරක දැන්විම්වල විශාල ප‍්‍රතිදාන ජවයක් (වොට් ප‍්‍රමාණයක්) සඳහන් කරනු ලැබේ. හොඳින් පරික්ෂා කර බැලූ විට මේ අච්චයේ සිට උච්චය දක්වා වු ජවය බව පෙනි යනු ඇත. උච්චයේ සිට උච්චය (PMPO) දක්වා වු ජවයෙන් කිසිදු ප‍්‍රයෝජනයක් නැත. එය ආතාත්වික අගයකි. නියම ජව ප‍්‍රතිධානය තිරණය කෙරෙන්නේ සඵල අය වන ව.ම.මසු. අගයෙනි. උදාහරණයක් ලෙස අ.උ. අගය 2800mW ලෙස දැක්වෙන උපකරණයක ඇත්තේ 1000mW නොහොත් වොට් 1 ක සපළ ප‍්‍රතිදානයක් පමණකි.



සංඛ්‍යාවක් 0.707 න් බෙදිමෙන් එය 1.414 ගුණ කිරිමට සමාන වේ. (1/0.707 = 414) ව.ම.මු. 230Vx 1.414 = 325 (අච්ච අගය)



2800/2.8mW = 1000mW = 1W


(c) Shilpa Sayura Foundation 2006-2017