ප‍්‍රත්‍යවර්ත ධාරාවක් පේ‍්‍රරණය විම
 

ප‍්‍රත්‍යවර්ත ධාරාවක් පේ‍්‍රරණය විම



11.2 චිත‍්‍රය දෙස නැවත නෙත යොමු කරමු. 12.1 චිත‍්‍රයෙහි දක්වා ඇත්තේ ද ඒ සමාන චිත‍්‍රයකි. මෙහි චුම්බකය දඟරයට ඇතුළු කරන විට ධාරාව එක අතකට ගලයි. චුම්බකය දඟරයෙන් ඉවතට ගන්නා විට ධාරාව ගලන්නේ විරුද්ධ අතටය.



 



12.2 චිත‍්‍රයෙහි දැක්වෙන්නේ චුම්බක ක්ෂේත‍්‍රයක භ‍්‍රමණය වන සෘජු කෝණාස‍්‍ර කම්බි පුඩුවකි.





පුඩුව දක්ෂිනවර්ථව භ‍්‍රමණය වෙයි. පළමුව එය ABCD තලයේ සිටියේ යැයි සිතමු. එවිට, පුඩුවෙහි AB සහ CD දෙපැත්තේ චුම්බක ක්ෂේත‍්‍රයට සමාන්තරව ඇත. එම නිසා පුඩුව භ‍්‍රමණය විමේ දි චුම්බක රේඛා කැපිමක් සිදු නොවේ. එහෙයින් AB සහ CD සන්නායක කොටසවල විද්‍යුත් චුම්බක පේ‍්‍රරණයක් සිදු නොවේ. A සහ D අතරත් , B සහ C අතරත් වෝලටීයතාවක් ඇතිවන්නේ නැත.



පුඩුව 90 ද ක් (වක‍්‍ර 1/4) භ‍්‍රමණය වීමෙන් පසු A'B'C'D' තලයෙහි පිහිටයි. මෙවිට A'D' සහB'C' දෙපැත්ත භ‍්‍රමණය වන විට උපරිම බල රේඛා ප‍්‍රමාණයක් කැපි යයි. එම නිසා, පුඩුවෙහි A'D' සහB'C' සන්නායක කොටස්වල උපරිම වොල්ටියතාවක් පේ‍්‍රරණය වේ.



A'B'C'D' තලයේ සිට තවත් 90 ද ක් (වක‍්‍ර 1/2) භ‍්‍රමණය වු තැන පුඩුව නැවතත් ABCD තලයට පැමිණේ. පෙර අවස්ථාවේ දි මෙන් ම මෙහිදි ද වොල්ටීයතාවක් පුඩුවෙහි පේ‍්‍රරණය නොවේ. එහෙත් එතැන් සිට තවත් 90 ද ක් (චක‍්‍ර 3/4) භ‍්‍රමණයවු විට පුඩුව A'B'C'D' තලයට එන අතර, පෙර දී මෙන් උපරිම වොල්ටීයතාවක් A'D' සහB'C' පැතිවල පේ‍්‍රරණය වේ. තවත් 90 ද ක් (පුර්න වක‍්‍රයක්) භ‍්‍රමණය විමෙන් පුඩුව පෙර සිටි තලයට පැමිණේ, වෝලටීයතාවක් පේ‍්‍රරණය නොවේ. භ‍්‍රමණයවිමෙන් පුඩුව පෙර සිටි ABCD තලයට පැමිණේ, වෝල්ටීයතාවක් පේ‍්‍රරණය නොවේ. භ‍්‍රමණය විමේ දි පුඩුවෙහි AB සහ CD පැතිවලට චුම්බක රේඛා නොකැපෙන නිසා, ඒ පැතිවල වෝල්ටීයතාව පේ‍්‍රරණය වන්නේ නැත.


(c) Shilpa Sayura Foundation 2006-2017