12
ප‍්‍රත්‍යාවර්ත ධාරා
ප‍්‍රත්‍යාවර්ත වෝලටීයතාවක් පේ‍්‍රරණය වන්නේ වෙනස් වන චුම්බක ක්ෂේත‍්‍රයක පිහිටි සන්නායකයක ය. ප‍්‍රත්‍යාවර්ත තරංග වර්ග රාශියක් වෙතත්, බහුලව යොදාගනු ලබන්නේ සයිනාකාර තරංග යයි.
සයිනාකාර තරංගයක ධන සහ ඝෘණ වශයෙන් උච්ච දෙකක් වෙයි. මෙම උච්ච දෙක අතර පරාසයට උච්චයේ සිට උච්චය දක්වා අගය යැයි කියනු ලැබේ. තරඟයේ ශුන්‍ය අගයේ සිට උච්චය දක්වා වන අගයට උච්ච අගය යැයි නම් කෙරේ. අර්ධ තරංගයක ක්ෂණික අගයන්ගේ සයිනයන්වල ඓක්‍යය, අගයන් ගණනින් බෙදුවිට මධ්‍යක අගය ලැබේ. අර්ධ තරංගයක සියලූ ක්ෂණික අගයන්ගේ සයිනවල වර්ග ඓක්‍යය, අගයන්ගේ ගණනින් බෙදා මුල්‍ය සෙවුවිට වර්ග මධ්‍යන්‍ය මුල අගය ලැබෙයි. මෙය සඵල අගය ලෙස ද සැලකේ, සඵල අගය සරල ධාරා අගයන් සම වෙයි.
සයිනාකාර ප‍්‍රත්‍යාවර්ත විදුලිය ප‍්‍රතිරෝධක පමණක් ඇති පරිපතවල යෙදු විට වෝල්ටීයතා සහ ධාරා අතර ගලා වෙනසක් ඇති නොවේ. එහෙත් ධාරිත‍්‍රකය සමඟ යෙදාගත් විට, ධාරාව වෝලටීයතාව 90ද ක් පෙරටුව සිටී. පේ‍්‍රරක සමඟ යොදාගත් විට වොල්ටීයතාව ධාරාවට 90 ද ක් පෙරටුව සිටි.
තරංග ආයාමය සංඛ්‍යාතයෙන් ගුණ කළ විට තරංග ප‍්‍රවේගය ලැබේ.
V = f.λ
සංඛ්‍යාතය මැනිමේ ඒකකය ර්‍ණහර්ට්ස්”(Hz) වෙයි.
තාක්ෂණික පද
අවචය - Low
අවධික සටහන් – Phasor Diagram
උච්චය - High
උච්ච අගය – Peak Value
උච්චයේ සිට උච්චිචය දක්වා අගය - Peak to peak Value
ඕමික භාරය – Ohmic Load
කාලාවර්තය - Period
තාත්වික අගය – Real Value
ප‍්‍රත්‍යවර්ත ධාරා – Alternatingl Current
භ‍්‍රමණය - Rotate
මධ්‍යක අගය – Average Value
වෝලටීයතා චක‍්‍රය වර්ග මධ්‍යන්‍ය මුල අගය - Root Mean Square Value (RMS value)
සඵල අගය - Effective Value
සම කලා සහ අසම කලා තරංග – In Phase and Out of phase Wave forms