ලෙන්ස්ගේ නියමය
ලෙන්ස්ගේ නියමයට අනුව "පේ‍්‍රරිත ධාරාව සැම විට ම එය ජනිත කරන්නා වු බලයට විරුද්ධ වන ලෙසට ගලයි"
11.2 චිත‍්‍රයෙහි චුම්බකය (M) දඟරය (C) දෙසට සංචලනය වේ. එවිට, දඟරයෙහි විභව අන්තරයක් ඇති විධාරාවක් ගලයි. ලෙන්ස්ගේ නියමයට අනුව, මෙම ධාරාව ගැලිය යුත්තේ චුම්බකය දඟරය වෙත ළඟා වන බලයට විරුද්ධ වන අයුරිනි චුම්බකයෙහි (N) ධ‍්‍රැවය දඟරයට මුහුණලා ඇති නිසා එහි ළඟාවිම විරුද්ධ විමට නම් දඟරයෙහි ආසන්න කෙළවර ද සමාන ධ‍්‍රැවයක් ( N ධ‍්‍රැවයක්) ජනිත විය යුතුය. මෙසේ දඟරයෙහි පේ‍්‍රරණය වන ධ‍්‍රැවය හඳුනාගත් විට දකුණත් නියමය යෙදිමෙන් ධාරවේ දිශාව නිගමනය කළ හැක. (චිත‍්‍රය 10 -8 බලන්න)
චුම්බකය දඟරය වෙතින් ඉවත් කිරිමේ දි එම ක‍්‍රියාවට විරුද්ධ වීමට නම් දඟරයෙහි ආසන්න මුහුණත චුම්බක ධ‍්‍රැවයට විරුද්ධ ධ‍්‍රැවයක් පේ‍්‍රරණය විය යුතුය. එවිට චුම්බකය දඟරය දෙසට ආකර්ෂණයව නිසා ඉව් කිරිමට බාධා පමුණුවයි. මෙම අවස්ථාවේ දි පේ‍්‍රරණය වන ධාරාවෙහි දිශාව පෙර පරිදිම තිරණය කළ හැක. එය
ෆැරඬේගේ පේ‍්‍රරිත වෝලටීයතා නියමය
දඟරයක වෝලටියතාවක් පේ‍්‍රරණය විමේ දි බලපාන සාධක පෙර දි සඳහන් කරන ලදි. ඒවා නම්.
1. චුම්බක ස‍්‍රාවය (Φ) : චුම්බක රේඛා වැඩියෙන් කැපෙන විට සන්නායකයන් තුළ ජනිත වන වෝලටියතාව ද වැඩිවෙයි.
2. පොටවල් ප‍්‍රමාණය (N) : පොටවල් ප‍්‍රමාණය වැඩි වන විට, එක එක පොටහි ජනිත වන වෝලටීයතාව එකට එකතුවන නිසා, දඟරයෙහි පේ‍්‍රරිත වෝලටියතාව සියලූ පොටවල පේ‍්‍රරිත වෝලටියතා ඓක්‍යය වෙයි.
3. චුම්බක රේඛා කැපියාමේ තිව‍්‍රතාව (1/t) : චුම්බක රේඛා කැපියාමේ තීව‍්‍රතාව වැඩි වන විට, එක් තත්පරයක් තුළ කැපෙන රේඛා ප‍්‍රමාණය වැඩි වන නිසා පේ‍්‍රරිත වෝල්ටීතාව ද වැඩිවෙයි.
ෆැරඬේගේ නියමය අනුව, ප්‍රේරිත වෝලටීයතාව,
V1nd = N x dΦ/dt
මෙහි (N) පොටවල් ගණනයි (Φ) චුම්බක ස‍්‍රාව ඒකකය වෙබර් (wb) වේ. t තත්පරවලිනි. එවිට ප්‍රෙරිත විභව අන්තරය වොලටි (V) වලින් ලැබේ.
උදාහරණ:
බයිසිකල් ඕල්ටනේටරයක දඟරයෙහි පොටවල් 120 ක් වෙයි. බයිසිකලය සාමාන්‍ය වේගයෙන් පැදගෙන යන විට තත්පරයට 0.1wb ශිඝ‍්‍රතාවකින් චුම්බක ක්ෂේත‍්‍රය කැපෙයි. බයිසිකල් ඒලටනේටරය ජනිත කරන වෝල්ටීයතාව කොපමණද?
විසඳුම
පේ‍්‍රරිත වෝලටීයතාව V1nd = N x df/dt
මෙහි N = 120
df/dt = තත්පරයට 0.1Wb
V1nd = 120 X 0.1V = 12V
හරයක් සහිත දඟරයක විද්‍යුත් චුම්බක පේ‍්‍රරණය
චුම්බක ද්‍රව්‍ය (මෘදු යකඩ වැනි) හරයක් සහිත දඟරයක පේ‍්‍රරිත වෝලටීයතාව වාතය හරය වු දඟරයක පේ‍්‍රරිත වෝල්ටීයතාවට බොහෝ සෙයින් වැඩිය. එයට හේතුව සාපේක්ෂ පාරගම්‍යතාව චුම්බක ද්‍රව්‍ය හමරයෙහි බොහෝ සෙයින් ඉහල නිසා, වැඩි චුම්බක ස‍්‍රාවයක් එහි ඒකරාශි විමයි. වැඩි චුම්බක ස‍්‍රාවයක් ඒකරාශි වී ඇති විට චුම්බක රේඛා කැපිමේ ශිඝ‍්‍රතාව ඉහළ යයි.