විභව අන්තරයක් පේ‍්‍රරණය විම
 

විභව අන්තරයක් පේ‍්‍රරණය විම



සන්නායකයක් තුළින් විදුලිය ගලන විට, ධාරාවට ලම්බක තලයක චුම්බක ක්ෂේත‍්‍රයක් ජනිත වේ. මෙම සංසිද්ධියෙහි ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාව ද එලෙස ම සිදුවෙයි. චුම්බක ක්ෂේත‍්‍රයට ලම්බකව සන්නායකයක් චලනය වන විට එහි විභව අන්තරයක් පේ‍්‍රරණය වෙයි. සන්නායකයෙහි දෙකෙළවර සම්බන්ධ කළහොත් එතුලින් ධාරාවක්





11.1 චිත‍්‍රයෙහි (ආ) රූපයෙහි NS චුම්බක ක්ෂේත‍්‍රයට ලම්බකව AB සන්නායකය චලනය වෙයි. එවිට AB දෙකෙලවරෙහි විභව අන්තරයක් ජනිත වේ. AB- සංවේදි මධ්‍ය ශුන්‍ය ගැලවනෝමානයකට (G) සම්බන්ධ කොට ඇත. සන්නායකය ඉහළට ගමන් කරන විට හි උත්ක‍්‍රමය එක් අතකටත්, පහලට ගමන් කරන විට අනෙක් අතටත් වෙයි. AB චලනයෙන් තොරව ඇති විට උත්ක‍්‍රමය ශුන්‍ය වේ. AB වේගයෙන් චලනය වන විට උත්ක‍්‍රමය විශාල වෙයි. සෙමින් චලනය කළ විට උත්ක‍්‍රමය සුළු වෙයි. AB චුම්බක ක්ෂේත‍්‍රයට සමාන්තරව ලනය කළ විට උත්ක‍්‍රමයක් නොවේ.



ඉහත පරික්ෂණයෙන් පෙනි යන්නේ AB සන්නායකයෙහි ධාරාවක් ගලන්නේ චුම්බක රේඛා ලම්බකව කැපෙන විට බවය. එපමණක් නොව, ගලන ධාරාව (ඒ නිසා එහි විභව අන්තරය) අඩු වැඩි වන්නේ චුම්බක රේඛා කැපෙන වේගයද අනුව බවය.



11.2 දඟරයක් තුළ විභව අන්තරයක් පේ‍්‍රරණය විම

11.2 චිත‍්‍රයේ දැක්වෙන පරිදි දඟරයක් අසලට චුම්බකයක් ගෙන විට එහි විභව අන්තරයක් පේ‍්‍රරණය වෙයි. දඟරය සමඟ සම්බන්ධ කොට ඇති ගැල්වනෝ මානයෙන් ඒ බව පෙනේ. දඟරයෙහි සිට චුම්බකය ඉවතට ගන්නා විට ද මෙලෙස ම විභව අන්තරයක් පේ‍්‍රරණය වේ. එහෙත්, එහි දිශාව පෙර දිශාවට විරුද්ධ දිශාව වෙයි.





චුම්බකයක් දඟරයක් අසල සංචලනය වන විට ඇති වන විභව අන්තරය, තනි සන්නායකයක් එම චුම්බක ක්ෂේත‍්‍රයෙහි ම සංචලනය වන විට ඇති වන විභව අන්තරයට බොහෝ වැඩිවෙයි. වැඩි පොටවල් සංඛ්‍යාවකින් චුම්බක ක්ෂේත‍්‍රය කැපිමේදි එක් එක් පොටක ඇති වන විභව අන්තරය එකට එකතුවිම මෙයට හේතුවයි.



එම නිසා, දඟරයක් අසල චුම්බකයක් සංචලනය වීමේ දි ඇතිවන විභව අන්තරය,



1. චුම්බකයෙහි ප‍්‍රබලතාව* (චුම්බක ක්ෂේත‍්‍රයෙහි තිව‍්‍රතාව) මත

2. දඟරයෙහි පොටවල් ගණන මත

සහ

3. චුම්බකයේ චලිත වේගය මත ද රැුඳී පවති.

(c) Shilpa Sayura Foundation 2006-2017