විද්‍යුත් චුම්බක ඒකක
ඇම්පියර - පොටවල් (A.t)
දඟරයක චුම්බක ශක්තිය සාධක දෙක්ක මත වෙනස් වෙයි.
1. ධාරාව - ධාරාව අඩුවැඩිවිම මත උත්පාදනය වන චුම්බක ක්ෂේත‍්‍රය අඩු වැඩි වේ.
2. පොටවල් - දඟරයෙහි පොටවල් ගණන අඩුවැඩිවිම අනුව ද චුම්බක ක්ෂේත‍්‍රය අඩු වැඩි වේ.
චුම්බක ක්ෂේත‍්‍රය H ∞ NI
මෙහි N පොටවල් ගණනද I ධාරාව ද වෙයි.
H = KNI වේ
මෙහි K=1 නිසා
H=NI වේ
“NI” වශයෙන් දැක්වෙන ප‍්‍රමාණය දඟරයෙහි චුම්බක ශක්තිය වෙයි. මෙය චුම්භකත්වයේ හැකියාව හෙවත් චුම්බක ගාමක බලය (mmf) ලෙස නම් දෙකයි.
‘SI’ ඒකක ක‍්‍රමය යටතේ චුම්බක ගාමක බලය ඇම්පියර් පෙටවල් වශයෙන් මනිනු ලැබේ. ඇම්පියර පොටවල් "At" වශයෙන් සංකේතගත කෙරේ.
පොටවල් 10 ක් සහිත දඟරයක 2 A ධාරවාක් ගලන විට චුම්බක ගාමක බලය (mmf) 10 X 2=20At වේ. දඟරයෙහි පොටවල් 20 ක් ඇති විට
m.m.f. =20 X 2=40At
උදාහරණ 1
600At චුම්බක ගාමක බලය වන චුම්බක දඟරයක යැවිය හැකි ධාරාව 5A වෙයි. දඟරයෙහි කොපමණ පොටවල් සංඛ්‍යාවක් තිබිය යුතුද?
විසඳුම්
M.M.F. =NI = At
පොටවල් T = m.m.f. /A
= 600/5 = 120
උදාහරණ 2
3 Ω දඟරයක් 12V බැටරියකට සම්බන්ධ කළ විට 400At චුම්බක ගාමක බලයක් ලැබේ. දඟරයෙහි පොටවල් ගණන කීයද?
විසදුම
ධාරාවු = V/R
=12/3 =4A
m.m.f. = A.t
t=m.m.f./a
=400/4
=100
cgs ඒකකයෙහි m.m.f ඒකයගිල්බට් (Gb) වෙයි
ක්ෂේත‍්‍ර තීව‍්‍රතාව
චුම්බකගාමක බලය ධාරාව සහ දඟරයෙහි පොටවල් මත අතර රැුඳි ඇති අතර, ක්ෂේත‍්‍ර චිවතාවරඳා පවතින්නේ දඟරයෙහි දිග මතය. එකම බලයක් වැඩි දිග ප‍්‍රමාණයක් මත විසිරි යාම තිව‍්‍රතාව අඩුවිමකි. එම නිසා, දඟරය කෙටි වු තරමට තිව‍්‍රතාව වැඩිවෙයි.
තිව‍්‍රතාවය djh = At/λ
මෙහි දඟරයෙහි දිග වේ.
දඟරයක හරය වාතය වන විට ක්ෂේත‍්‍රය එහි අක්ඹය දිගෙහි පිහිටයි. එහෙත් , මෘදු යකඩ වැනි හරයක් යොදාගත් විට චුම්බක ක්ෂේත‍්‍රය හරය පුරා පැතිරෙයි.
ක්ෂේත‍්‍ර තිව‍්‍රතාව(H) හි SI එක්කය මිටරයට ඇම්පියර පොටවල් (At/m) වේ. cgs ක‍්‍රමයෙහි එය අර්සිටඞ් වෙයි.
1A = 0.0126oe
හෝ 1000At = 12.6Oe