දඟරයක චුම්බක ක්ෂේත‍්‍රය
දඟරයක් යනු වළලූ කිහිපයකි. ඉහත පරිදි වළලූ කිහිපයක් එක ළඟ එතුවිට දඟරයක් ලැබේ. මෙම දඟරය එහි විෂ්කම්භයට වඩා දිිගන් වැඩි වු විට එහි ක්ෂේත‍්‍රය දඩු චුම්බකයකට සෑම අතින් ම සමාන වේ. (10.7 චිත‍්‍රය බලන්න. 9.2 චිත‍්‍රය සමඟ සසඳන්නේ)
දඟරයක චුම්බක ක්ෂේත‍්‍රයෙහි ධ‍්‍රැව පහසුවෙන් හඳුනා ගත හැකි ක‍්‍රමයක් 10.8 චිත‍්‍රයෙහි පෙනේ. දඟරය තුළ බැලූ විට ධාරාව චාමාර්තව මෙය ඉලෙක්ට්‍රෝන ධාරාව නොව, ධන සිට ඝෘණ දක්වා ගලන සම්මත ධාරාවයි.) ගලන්නේ නම්, එම කෙලවරෙහි උත්තර ධ‍්‍රැවයක් ජනිත වේ.(මෙය (අ) රූපයෙන් නිරුපණය වේ. ධාරාව වාමාර්ත වන විට "N” අකුරෙන් උත්ර ධ‍්‍රැවය පෙන්වා ඇති සැටි බලන්න. මෙලෙස ම. ධාරාව දක්ෂිණාවර්ත වන්නේ නම්, එම කෙළවර දක්ෂිණ ධ‍්‍රැවයක් නිරූපණය කරයි. දක්ෂිණ ධ‍්‍රැවය "S" අකුරෙන් සංකේතවත් වෙයි. මෙය (ඉ) රූපයේන පෙනේ. ධාරාව ගළන දෙසට ඇඟිලි සිටින සේ දඟරය දකුණතින් ගත් කල (ආ) රූපය අත්ඇඟිලි දෙකට ලම්බකව පිහිටි ප මහටපටැඟිල්ල උත්තරධ‍්‍රැවය දක්විය. මෙම ක‍්‍රම දෙකෙන් කුමන ක‍්‍රමයකින් වුවද දඟරයෙහි චුම්බක ධ‍්‍රැවය පහුසවෙන් හඳුනාගත හැකිය.
දඟරයක ධාරාව ගලන දිශාව වෙනස් කළ විගස චුම්බක ධ‍්‍රැවය වෙනස් වේ. එලෙස ම, කම්බි පොටවල් ඔතා ඇති දිශාව වෙනස් කළ විට ද චුම්බක ධ‍්‍රැවිත්වය වෙනස් වෙයි. එම නිසා දඟරයක කම්බි ඔතන විට, දිශාව වෙනස් නොකොට එක අතකට එතිම කළ යුතුය. එක කම්බි තට්ටුවක් එක් දිශාවකට ඔතා, අනෙක විරුද්ධ දිශාවකට එතුවහොත්, පළමු තට්ටුව් චුම්භක ශක්තිය දෙවන තට්ටුවේ ප‍්‍රතිවිරුද්ධ චුම්භක ශක්තියෙන් උදාසින වියයි. 10.9 චිත‍්‍රයෙන් දෑතට එතු දඟරයක් දැක්වෙයි.
දඟරයක ස‍්‍රාව ඝණත්වය
චුම්භක ස‍්‍රාව ඝන්තවය මාධ්‍යයෙහි පාරගම්‍යතාව අනුව වෙනස් වන බව චුම්බක යටතේ සඳහන් විය. සාපෙක්ෂ පාරගම්‍යතාව ගණනය කරනු ලබන්නේ වාතය සමඟ සන්සන්දනය කිරිමෙනි. සියලූ චුම්බක ද්‍රව්‍යවල පාරගම්‍යතාව වාතයට වැඩිවේ. මේ නිසා දඟරයක හරහය චුම්බක ද්‍රව්‍යයකින් (මෘදු යකඩ වැනි) පිරවුවහොත්, දඟරයේ ස‍්‍රාව ඝන්තය (B) අනිවාර්යෙන්ම වැඩිවේ. එකම චුම්බක බල රේඛා ඒකරාශිවිම නිසා දඟරයේ චුම්බක ශක්තිය වායු හරයකින් යුත් අවස්ථාවට වඩා විශාල ගුණයකින් වැඩිවේ.
විදුලි චුම්භක නිපදවිමේ දිමේ නිසා, මෘදු යකඩ වැනි සාපේකෂ පාරගම්‍යතාව අධික ද්‍රව්‍යය හරයෙහි යොදනු ලැබේ. මෘදු යකඩ හරයෙහි යොදා ගැනීමෙන් විද්‍යුත් චුම්බකයක ස‍්‍රාව ඝන්තවය (B) 700 - 800 ගුණයකින් වැඩිකරගත හැකිය.