ආසන්න සන්නායක තුලින් සමාන ධාරාවක් ගැලිම
ආසන්නයෙහි පිිහිටි සෘජු ස්නනායක දෙකක් තුලින් සමාන ධාරාවක් ගලනවිට ඇති වන ආවරණය 10.5 චිත‍්‍රයේ නිරූපනය වෙයි.
මෙහි (අ) රූපයෙහි දැක්වෙන්නේ දෑතට ධාරාව ගලන සන්නායක දෙකකි. ඉන් ඇතිවන චුම්බක ක්ෂේත‍්‍රය (ආ) රුපයෙහි වෙයි. පහලට ධාරාව ගලන විට දක්ෂිණාවර්ථවත්, ඉහලට ගලන විට වාමාර්ථවත් ක්ෂේත‍්‍රය ජනිත වේ. ඉන් සිදුවන්නේ සන්නායක දෙක අතර ක්ෂේත‍්‍රය එකට එකතු විමයි.
(ඉ) රූපයෙහි සන්නායක කෙරෙහිම ධාරාව එක ම දෙසට (පහළට) ගලයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජනිත වන චුම්බක ක්ෂේත‍්‍රය (ඊ) රූපය නිරූපණය කරයි. සන්නායක දෙක අතර, එක සමාන, එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ බල රේඛා ඇති වී උදාසින වී යයි.
වළල්ලක් තුළ බල රේඛා
සෘජු සන්නායකයක් වළල්ලක් සේ නවා ධාරාවක්ය වන අයුරු 10.6 චිත‍්‍රයෙන් නිරූපණය වේ. සෘජු ස්නනායකයේ තිබු ක්ෂේත‍්‍රය ඒ අයුරින්ම, ධාරාවට සෘජුකෝණාස‍්‍රව පවති. එහෙත්, වළල්ලෙහි මධ්‍යයෙහි බල රේඛා සාන්ද්‍රණය වි ඇති අයුරු පෙනේ. (10.5 චිත‍්‍රයේ (අ) සහ (ආ) රූප සමඟ සසඳන්න* ධාරාවක් ගමන් ගන්නා මෙවැනි වළල්ලක් දඩු චුම්බකයකට සම වෙයි. එහි බල රේඛා සුරත් නියමයෙන් නිරුපණය කළ හැක. වළල්ලේ එක් පැත්තක් උත්තර ධ‍්‍රැවය ලෙස ද, අනෙක් පැත්ත දක්ෂිණ ධ‍්‍රාවය ලෙස ද ක‍්‍රියා කරයි.