චුම්බක ක්ෂේත‍්‍රයේ දිශාව
 

චුම්බක ක්ෂේත‍්‍රයේ දිශාව



සෘජු සන්නායකයක් තුළ ධාරාවක් ගලන විට ජනිත වන චුම්බක ක්ෂේත‍්‍රයෙහි දිශාව තිරණය කර ගැනිම සඳහා නියමයන් දෙකක් වෙයි.
























1. සුරත් නියමය

සහ

2. කස්කුරුප්පු නියමය /ඇබතවි කටු නියමය



සුරත් නියමය



ඔබේ දකුණතෙහි මහපට ඇඟිල්ල අනෙක් ඇඟිලිවලට සෘජු කෝණාශ‍්‍රව තබා මිට මොලවන්න. එවිට, ඔබේ මහපට ඇඟිල්ල ධාරාවේ දිශාව දක්වයි නම්, අනෙකුත් ඇඟිලි චුම්බක ක්ෂේත‍්‍රයෙහි දිශාව පෙන්නුම් කරනු ඇත. ( චිත‍්‍රය 10.3)

















 


කස්කුරුප්පු නියමය/ඇබතව් කටු නියමය



කස්කුරුප්පුවක් නැතිනම් ඇබතව් කටුවක් ගෙන ඇබයක සිදුරක් විදින්නනට පටන් ගන්න. ඔබ විදින සිදුරෙහි දිශාව ධාරාව ගමන් ගන්නා දිශාව නම්, ඔබ කස්කුරුප්පුව කරවන දිශාව චුම්බක ක්ෂේත‍්‍රයේ දිශාව වෙයි. (10.4 චිත‍්‍රය බලන්න)



සුරත් නියමය සහ කස්කුරුප්පු නියමය නිවැරදි වන්නේ ධාරාව ගලන දිහාව ධන සිට ඝෘණ වෙත යන සම්මතයෙහි පිහිටි මෙනි.

සත්‍ය වශයෙන් ඉලෙක්ට්‍රෝන ගලන දිශාව ඝෘණ සිට ධන වෙත නිසා ඉලෙක්ට්‍රෝන දිශාව අනුව දකුණත් නියමය වෙනුවට වමත් නියමය යොදගත යුතු වෙයි. එසේ වෙතත්, ධාරාව ගලන දිශාවේ සම්මතය ධන සිට ඝෘන දකවා නිසා , අපි මෙහිදි ඉදිරියටත් එම සම්මතයේ සිටිමු.

(c) Shilpa Sayura Foundation 2006-2017