විද්‍යුතය සහ චුම්භකත්වය
විදුලි ධාරාවක් ආශ‍්‍රිතව නිතර ම චුම්බක ක්ෂේත‍්‍රයක් පවති. චුම්බක ක්ෂේත‍්‍රය ඇතිවන්නේ විදුලි ධාරවේ දිශාවට ලම්බක තලයක ය. විදුලි ධාරවේ දිශාව වෙනස් වන විට චුම්බක ක්ෂේත‍්‍රයෙහි දිශාව ද වෙනස් වෙයි.
විද්‍යුත් චුම්බක ක්ෂේත‍්‍රයේ ධ‍්‍රැව පිහිටන දිශාව දකුණත් නියමයෙන් හෝ ඇබ තවි කටු නියමයෙන් තිරණය කළ හැක.
ආසන්නව පිහිටි ස්ථානයක දෙකක ධාරාව එක් අතට ගලන විට, සන්නායක දෙක අතර ක්ෂේත‍්‍රය උදාසින වේ. එහෙත් ධාරාව විරුද්ධ අතට ගලන විට සන්නායකය අතර ක්ෂේත‍්‍රය එකට එකතුවේ.
දඟරයක් තුලින් ධාරාවක් ගලන විට ඉන් ජනිත වන ක්ෂේත‍්‍රය දණ්ඩ චුම්බකයක ක්ෂේත‍්‍රයට සමාන යග දඟරයෙහි ක්ෂේත‍්‍රයෙහි ධ‍්‍රැව දක්නත් නිමයෙන් හඳුනාගත හැක.
විද්‍යුත් චුම්භක ප‍්‍රායෝගිකව ඉතා ප‍්‍රයෝජනවත් වෙයි. විදුලි සිනු, පිළියවනය බණු, ටේප් රෙකෝඩර් ආදි නොයෙකුත් උපකරණ විද්‍යුත් චුම්බක යොදාගනි.
තාක්ෂණික පද
ඇම්පියර පොටවල් - Ampere Turns
පිළියවනය - Relay
බණුව - Speaker
කස්කුරුපපු නියමය – Cork Screw Rule
කෝම්පාසු කටු – Compass Needles
ක්ෂේත‍්‍රය තිව‍්‍රතාව - Field Intensity
චුම්බක ගාමකබලය – Magnito Motive Force
සමුරත් නියමය - Right Hand Rule
විද්‍යුතය සහ චුම්බකත්වය
විදුලි ධාරාවක චුම්බකත්වය සොයා ගනු ලැබුවේ හෑන්ස්ක‍්‍රිස්ටියන් අර්සටඞ් (1777 - 1851) විසිනි. විදුලි ධාරාවක් ගලන විට කොම්පාසු කටුව ඉන් සලිතවන බව ඔහු නිරික්ෂණය කළේය. මේ සොයා ගැනීම අධිතාක්ෂණික ලෝකයට කොතරම් ප‍්‍රයෝජනවත්ද කිවහොත් විදුලියේ චුම්බක ආවරණය යොදා නොගන්නා කිසිම උපකරණයක් නිපදවා නොමැති තරම්ය.