චුම්බක මිනුම් එකක
 

චුම්බක මිනුම් එකක



චුම්බකයෙන් චුම්බකයට මෙන්ම, එක ම චුම්බක ක්ෂේත‍්‍රයේ විවිධ ස්ථානවලද චුම්බක මහක්තිය වෙස් වෙයි. චුම්බක ශක්තිය චුම්බකයක සිට ඇති දුරෙහි ප‍්‍රතිලෝමයට සමානුපාත වෙයි.

F ∞ 1/d

අන් ශක්ති විශේෂයන් මෙන්ම, චුම්බක ශක්තිය මැනිමට ද ඒකක තිබේ. මේ ඒකක පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනිම ප‍්‍රයෝජනවත්ය.



චුම්බක ස්‍රාවය (Φ)



චුම්බක ස්‍රාවය යනු චුම්බකයක මුඑ බලය යි., චුම්බක ස්‍රාවය අදාල චුම්බකයේ බල රේඛා ප‍්‍රමාණය අනුව තිරණ ය වේ. ආසාමන්‍යයෙන් ග‍්‍රෑම් 500 ක පමණ කාන්දමක බල රේඛා 5000 ක් පමණ තිබේ. චුම්බක ස්‍රාවයේ සංකේතයයි. Φ(පයි) නම් ග‍්‍රික අක්ෂරය යි.



මැක්ස්වෙල් (Mx)



චුම්බක පිළිබඳව මුලික පර්යේෂණ රාශියක් කළ ක්ලාක් මැක්වෙල් නම් ස්කෝටිලන්ත ජාතික විද්‍යාඥයා සිහිවිම පිණිස මුලික චුම්බක ස‍්‍රාවයේ ඒකකය ඔහුගේ නමින් හැදින්වේ.



මැක්ස්වෙල් 1 ක් (iMx) යනු එක බල රේඛාවක් සහිත චුම්බක ක්ෂේත‍්‍රයකි.





















9.5 චිත‍්‍රයේ දැක්වන චුම්බකයෙහි චුම්බක ස‍්‍රාවය 10Mx වේ. එහි බල රේඛා 10 ක් තිබිම එයට හේතුවයි. මෙහි මුලින් සඳහන් කළ ග්රුම් 500 චුම්බකයෙහි ධ‍්‍රාවය 5000Mx කි. එහි බලා රේඛා 5000 ක් තිබුණු හෙයිනි.



වෙබර් (Wb)



මැක්වෙල් ඉතා කුඩා ඒකකයක් හෙයින් වෙබර් :උඉ* ඒකකය යොදා ගැනිණි. කෙසේ වෙතත් චෙබර් ඉතා විශාල ඒකකය නිසා (1wB=108 Mx රේඛා 10^8) මයික්‍රො වෙබර් (μWb) ව්‍යාවහාරයට ගැනේ.



1mWb = 1/106  Wb =  108 /106Mx

1mWb = 102 Mx


1mWb= බලරේඛ 100



වෙබර් ඒකකයනම් කර ඇත්තේ 19 වන සියවසේ විසු සුප‍්‍රකට ජර්මන් විද්‍යාඥයකු සැමරිම පිණිස ඔහුගේ නමිනි.


චුම්බක ස‍්‍රාව ඝනත්වය (B)



මැක්ස්වෙල් සහ පෙබර් ඒකකවලින් මනිනු ලබන්නේ චුම්බකයක මුළු බලය යි එහෙත් චුම්බකයක ස‍්‍රාවය මෙන්ම ස‍්‍රාව ඝන්තය ද :ඊ* දැනව ගැනිම අවශ්‍ය වෙයි.



ස‍්‍රාව ඝනත්වය B = Φ/A

මෙහි A යනු වර්ග ප‍්‍රමාණයයි එනම්, ස‍්‍රාව ඝන්තවය යනු වර්ග එක්කයක් ස‍්‍රාවයයි.



ගවුස් (G)



9.5 චිත‍්‍රයේ A වර්ග ඒකකය තුළ බල රේඛා තුනක් ඇති නිසා එහි ඝනත්වය වර්ග එක්කයට 3Mx කි. මෙම මෙටි‍්‍රක් ඒකකය හඳුන්වනු ලබන්නේ ගවුස් ලෙසය. (කල් එෆ. ගවුස් 19 වන සියවසේ ජර්මන් විද්‍යාඥයෙකි) ගවුස් යනු වර්ග සෙන්ටිමිටරයට බල රේඛි එකකි. (1Mx/cm2)



ටෙස්ලා (T)



S.I. ජාත්‍යන්තර ඒකකය වශයෙන ස‍්‍රාව ගන්තවය මනිනුයේ ටෙස්ලා (T) වලිනි ටෙස්ලා යනු වර්ග මිටරයක් තුළ පෙවර් ප‍්‍රමාණය වෙයි.



T = Wb/m2 ව.මි. බල රේඛා108



උදා : 9.1



වර්ග මීටර් 0.01 ප‍්‍රදේශයක් තුළ 100 μWb චුම්බක ස‍්‍රාවයක් ඇතෝත්, ස‍්‍රාව ඝන්තවය ටෙල්ලාවලින් ගණනය කරන්න.



විසදුම්



100mWb = 100/106  Wb

B = Wb/ m2

= 100/ 106 ¸ 0.01

= 100/ 106  x 102

=0.01T



සාපේක්ෂ පාරගම්‍යතාව



ද්‍රව්‍යයක් තුළ චුම්බක බල රේඛා එකරාශි කිරිමේ හැකියාව එම ද්‍රවයයේ පාරගම්‍යතාව ලෙස හැඳින්වේ. පහසුවෙන් චුම්බකයක් කළ හැකි ද්‍රව්‍යවල පාරමගම්‍යතාව ඉහළ මට්ටමක පවති. මේ අනුව මෘදු යකඩ ජවල පාරගම්‍යතාව අනෙක් ද්‍රවයයන් අභිබවා සිටී.



පාරගම්‍යතාව එකිනෙකට සන්සන්දනය කිරිමෙන් සාපේක්ෂ පාරගම්‍යතාව ලැබේ. මෙහිදි වාතයේ චුම්භක ස‍්‍රාව ඝනත්වය ගවුස් 1 ක් (1G) ලෙස සලකා අනෙකුත් ද්‍රව්‍යය වාතය සමඟ සන්සන්දනය කොට සාපෙක්ෂ පාරගම්‍යතාව ගණනය කෙරේ.යකඩ හරයක සාපේක්ෂ පාරගම්‍යතාව 200 කි. එනම් වාතය මෙන් 200 ගුණයක පරගම්‍යතාවක් යකඩ හරයේ තිබේ. මෘදු යකඩවල සාපේක්ෂ පාරගම්‍යතාව සමහර විට 900 දක්වා වැඩි විය හැක.



සාපේක්ෂ පාරගම්‍යතාවට ඒකකයක් නැත. එය වාතය සමඟ කෙරෙන සන්සන්දනයක් පමණකි. සාපේක්ෂ පාරගම්‍යතාවහෙි සංකේතය μr වේ. සමහර තැනක Km වශයෙන්ද යොදා ගැනේ.



 











(c) Shilpa Sayura Foundation 2006-2017