චුම්බක ආවරණය
 

චුම්බක ආවරණය



චුම්බකවල රේඛ මෘදු යකඩ වෙත ඒකාග‍්‍රවිමේ ආවරණය ප‍්‍රයෝජනයට ගෙන චුම්බ ආවරණය සැදිමේ හැකියාවක් තිබේ. චුම්බක ක්ෂේත‍්‍රයක් තුළ මෘදු යකඩ එළල්ලක් තැබු විට සියලූ බල රේඛා මෘදු යකඩ තුලින් යයි. වළල්ල මැදට චුම්බක ක්ෂේත‍්‍රයේ බලපෑමක් නැත. (9.6 චිත‍්‍රය (අ* රුපය*



P



යකඩ තහඩුවකින් චුම්භක ක්ෂේත‍්‍රයක් ආවරණය කළ විට දේ, චුම්බක ක්ෂේත‍්‍රය ඉන් ඔබ්බට නොයයි. සියලූ බල රේඛා තහඩුව මත ඒකාග‍්‍රවිම එයට හේතුවයි. (9.6 චිත‍්‍රයෙහි (ආ) රූපයේ බලන්න)



පාථිවියේ චුම්බක ක්ෂේත‍්‍රය



විශාල චුම්බක ක්ෂේත‍්‍රයක් පෘථිවිය සතු ය. කොම්පාසුවක් උතුරට හැරෙන්නනේ එහෙයිනි. කොම්පාසු කඩුව කුඩා චුම්බකයකි. 9.1 චිත‍්‍රයේ චුම්බකය උතුර - දකුණ දිශාවට හැරි සිටියේ ද පාථිවි චුම්බකය හේතුවෙනි.



පාථිවි චුම්බක ක්ෂේත‍්‍රයහි හැසිරිම එමැද විශාල දණ්ඩ චුම්බකයක් ඇත්තාසේය. (චිත‍්‍රය 9.4 බලන්න)



























පෘථිවි චුම්බක ක්ෂේත‍්‍රයේ දක්ෂිණ ද්‍රැවය භුගෝලය උත්තර ධ‍්‍රැවය ආසන්නයෙන් චුම්බක උත්තර ධ‍්‍රැවය භුගොල්ිය දක්ෂිණ ධ‍්‍රැවය ආසන්නයෙත් පිහිටා තිබේ. භුගෝලිය අක්ෂය (පෘථිවිය උතුරු , දකුණු ධ‍්‍රැව සම්බන්ධව කරන මන:කල්පිත රේඛාව) සහ චුම්බක අක්ෂය අතර පිිහිටිමේ සුළු වෙනසක් තිබේ. එම නිසා, කොම්පාසුවකින් නේවන චුම්බක උතුර භුගෝලිය නියම උතුර ම නොවේ.



පෘථිවි චුම්භකත්වයේ හේතුව එමැද ලෝදිය තුළ ගලන විශාල විදුලි ධාරාව වෙයි. විදුලි චුම්බකයක ධාරාව ගැලිමේ දී චුම්බක ශක්තියක් ඇති වන්නාක් මෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017