චුම්බක අනුක වාදය
චුම්බක ද්‍රව්‍යවල අනුක චුම්බක ඇති බව මෙම වාදය කියයි. අනුක චුම්බක පිළිවෙළකින් තොරව චුම්බක ද්‍රව්‍ය තුළ පැතිර පවති. (අනුක චුම්බක ඉතා කුඩා චුම්බක ලෙස සැලකිය හැක.)
p
9.5 චිත්රයහි (අ) රූපය චුම්බක ද්‍රවයයක් දක්වයි. මෙහි අනුක චුම්බක පිළිවෙළකින් තොරව පැතිර පවති. මෙැවනි අනුක චුම්බක පිළිවෙළකට සකසා ගත් විට සියලූ අණ්වික්ෂිය චුම්බකවල බලය එකට බැඳි සිටිමෙන් ලොකු චුම්බකයක් සැදේ (9.5 චිත්රයේ (ආ) රූපයෙහි මෙවැන්නක් පෙනේ)
චුම්බකයක් කැබලි කිරිමෙන් කුඩා චුම්භක කිහිපයක් ලබා ගැනිමට හැකිවිම සහ චුම්බක පේ‍්‍රරණය වැනි සංසිද්ධින් අනුක චුම්බක වාදයෙන් පැහැදිලි කළ හැක.
සමහර ද්‍රවය චුම්බක වන්නෙත්, අනෙක් ද්‍රව්‍ය එසේ නොවන්නෙත් ඇයි ද යන්නටද මේවාදය පිළිතුරු සපයයි. චුම්බක ද්‍රව්‍ය තුළ ඇති අනුක චුම්බකවල සචලතාව මත චුම්බක ද්‍රවයයක් වීමේ ප්‍රවණතාව පවති. චුම්භක නොවන ද්‍රව්‍යවල අනුක චුම්භක සචල නොවන නිසා, ඒවා පිලිවෙළකට සකස් කළ නොහැක. (සන්නානයක සහ පරිවරාරක මෙනි)