චුම්බක පේ‍්‍රරණය
චුම්බක නොවන ද්‍රව්‍යයක් ක්ෂේත්රයෙහි තිබිමෙන් චුම්බක බල රේඛාවල කිසිදු වෙනසක් ඇති නොවේ. චුම්භක රේඛා ඒ තුලින් ගමන් කරයි. ප්ලාස්ටික්, වීදුරු සහ ලී වැනි ද්‍රව්‍යය චුම්බක නොවන ද්‍රව්‍යය ගනයට වැටේ. කෙසේ වෙතත් මෘදු යකඩ හෝ නිකල් වැනි චුම්බක ද්‍රව්‍යයන්ට ක්ෂේත්රයහි වෙනසක් කිරීමට හැක.
මෘදු යකඩ කැබැල්ලක් චුම්බක ක්ෂේත්රයෙහි තැබු විට බල රේඛා මෘදු යකඩ කැබැල්ල තුළ ඒකරාශිව ඒ තුලින් ගමන් කරයි. එවිට මෘදු යකඩ කැබැල්ල ද තාවකාලිකව කාන්දමක් වෙයි. කෙසේ වෙතත්, යකඩ කැබල්ල ක්ෂේත්රයෙන් ඉවත් කළ විගස එහි චුම්බක ශක්තිය නැති වී යයි. මෙලෙස ක්ෂේත්රයේ බලපෑම මත තාවකාලිකව චුම්භකයක් විම චුම්බක පේ‍්‍රරණය ලෙස හැඳින්වෙයි.
ක්ෂේත්රයේ තබන ලද මෘදු යකඩ කැබලි චුම්බක ක්ෂේත්රයේ උත්තර ද්‍රැවයට මුහුණලා ඇතෝත් එම කෙරවල දක්ෂිණ ධ්‍රැවයක් ලෙස ද, දක්ෂිණ ධ්‍රැවට මුහුණ ලා ඇතෝත් එම කෙළවර උත්තර ධ්‍රැවයක් ලෙස ද පේ‍්‍රරණය වේ. (9.4) චිත්රයා එවිට, අසාමන ධ්රැව ආකර්ෂණය වන නිසා පේ‍්‍රරිත මෘදු යකඩ චුම්බකය, චුම්බක ක්ෂේත්රය ජනිත කළ ස්ථිර චුම්භකය වෙන ආකර්ෂණය වෙයි. යකඩ , නිකල් වැනි ද්‍රව්‍ය චුම්බකයක් වෙත ආකර්ෂණය වෙන්නේ මේ අයුරිනි.