චුම්බක ක්ෂේත‍්‍රය, චුම්බක ද්‍රැව සහ බල රේඛා
 

චුම්බක ක්ෂේත‍්‍රය



චුම්බක ද්‍රැව



චුම්බකයක් නුලකින් එල්ලනු ලැබුවහෝත එහි එක් කෙළවරක් උතුරු දෙසටත්, අනෙක් කෙළවර දකුණු දෙසටත් හැරි පවති. මෙසේ උතුර සොයායන කෙළවර අතර ද්‍රැවය ලෙසත්, නු සොයා යන කෙළවර දක්ෂින ද්‍රැවය දෙසත් නෙම් කෙරේ.



















චුම්බකයක බලය නිරතුරුවම එහි ධ‍්‍රැව දෙකෙහි පවති. ධ‍්‍රැව අතර කිසිත් බලයක් නැත. එහෙත් චුම්බකයක් කෙට කැඞීමෙන් තනි ධ‍්‍රැවයක් පමණක් ලබාගත නොහැක. එක් ධ‍්‍රැවයක් සහිත චුම්බක නොපවති. චුම්බකයක් කැඩි විට වෙන වෙනම චුම්භක දෙක්ක ලැබෙයි. කැබලි කිහිපයකට කැඩුවහෝත චුම්බක කිහිපයක් ලැබේ. මේ සියලූ කැබැල්ලකට ම උත්තර ධ‍්‍රැවයක් සහ දක්ෂිණ ධ‍්‍රැවයක් අයත් වෙයි. යකඩ කුඩු ටිකක් ගෙන චුම්බකයක තැවරු විට එම යකඩ කුඩු ධ‍්‍රැව ආසන්න ප‍්‍රදේශවල පමණක් ඇලිමෙන් ධ‍්‍රැවයේ ශක්තිය පෙන්වයි.



චුම්බක දෙකක් ගෙන සමාන ධ‍්‍රැව එක ළඟට ගෙන ආ විට විකර්ෂණය වෙයි. අසමාන ධ‍්‍රැව ආකර්ෂණය වෙයි.



චුම්බක ක්ෂේත‍්‍රය සහ බල රේඛා



චුම්බකයක බලය දැනෙන ප‍්‍රදේශයට චුම්බක ක්ෂේත‍්‍රය යැයි කියනු ලැබේ. දඩු චුම්බකයක් ගෙන (චිත‍්‍රය 9.2) විදුරු තහඩුවක තබා යකඩ කුඩු , මඳක් තට්ටු කල විට යකඩ කුඩු රටාවකට සැකසෙයි. එක් ධ‍්‍රැවයක සිට අනෙක් ධ‍්‍රැවය කරා වැටී ඇති රේඛාවන් යකඩ කුඩු රටාවෙහි දැකිය හැක.


















 



චුම්බකයක් කඩදාසියක් මත තබා කුඩා කොම්පාසුවක් ගෙන මෙැවනි රේඛා නිර්මාණය කළ හැක. උත්තර ධ‍්‍රැවයේ සිට දක්ෂිණ ධ‍්‍රැවය කරා වැටී ඇති මෙවන් රේඛාවලට බල රේඛා යැයි කියනු ලැබේ. (චිත‍්‍ර 9.2 සහ 9.3)




















 

(c) Shilpa Sayura Foundation 2006-2017