චුම්බකත්වය
 

9
චුම්බකත්වය

මුල් ම චුම්බකය ලේඞ් ස්ටෝන් හෙවත් දිශා දර්ශකය ලෙස යෙදා ගත මැග්නටයිට් පාෂාණයයි. චුම්බකයේ බලය රැුඳි ඇත්තේ එහි අග‍්‍රවල ය. සමාන අග‍්‍ර චවිකර්ෂනය වන අතර, අසමාන අග‍්‍ර ආකර්ෂනය වේ.

චුම්බකයෙහි බල රේධා විහිදෙන ප‍්‍රදේශ එහි චුම්බක කේෂේත‍්‍රය යයි. චුම්බකයක බලය මනිනු ලබන්නේ එහි බල රේඛා ප‍්‍රමාණය අනුවය. චුම්බක බලය හෙවත් ස‍්‍රාවය "Φ” වශයෙන්ද ස‍්‍රාව ඝන්තවය "B" වශයෙන්ද සංකේත ගත වේ.

චුම්බක ක්ෂේත‍්‍රයක මෘදු යකඩ වැනි චුම්බක ද්‍රව්‍යයක් තැබු විට එය ද චුම්බක ශක්තියක් ලබයි මෙයට චුම්බක පේ‍්‍රරණය යැයි කයිනු ලැබේ.

පාථිවියේ චුම්බක කේෂ්ත‍්‍රය එහි අභ්‍යන්තරයෙහි ගලන විශාල විදුලි ධාරා නිසා ඇතිවේ. පෘථිවි උත්තර ධ‍්‍රැවයෙහි දක්ෂිණ චුම්බක ධ‍්‍රැවයක්ද ,දක්ෂිණ ධ‍්‍රැවයෙහි උත්තර චුම්බක ධ‍්‍රැවයක් ද පවති.

ද්‍රව්‍යයකට චුම්බකයක් විම් ඇති ප‍්‍රවණතාව පාරගම්‍යතාවනේ දැක්වෙයි. සාපේක්ෂ පාරගම්‍යතාව අදාළ ද්‍රවයය වාතයත් සමඟ කෙරෙන සන්සමන්දනයකි.

තාක්ෂණික පද

චුම්භක කේෂ්ත‍්‍රය – – Magnetic field
චුම්බක අනුක වාදය – Molecular Theory of Magnetism
චුම්බක පේ‍්‍රරණය – Megnetic Industion
චුම්බක ස‍්‍රැවය – Magnetic Flux
පාරගම්‍යතාව - Permeability
බලරේඛා – Lines of Force
සුළු ඝනත්වය – Flux Density
සාපේක්ෂ පාරගම්‍යතාව –Relative permeability

චුම්භකත්වය

චුම්භක

චුම්බකත්වය ප‍්‍රථම වරට සොයා ගනු ලැබුවේ විශාල පත්වත බිඳිමේ දි හමු වු මැග්නටයිට් නම් පාෂාණ වර්ගයෙහි ය. සංයුතියනේ ෆෙරික් ඔක්සයිඞ් (Fe3O4) වු මැග්නටයිට් පාෂාණ කැබලි උතුරු දිශාව සොයා ගැනීමට සඳහා කොම්පාසුවක් ලෙස ආදිමයේ පාවිච්චි කළහ. ලේඞ් ස්ටෝන් ලෙස නම් කරනු ලැබු මැග්නටයිට් බැලිවලට වානේ කැබලි චුම්බක කිරිම් හැකියාවක් විය. මෙය ප‍්‍රයෝජනයට ගැනිමෙන් කෘත‍්‍රිම චුම්බක නිපදවිම සිදු කෙරිණි . අන් බොහෝ දේ මෙන් චුම්බක ද ප‍්‍රතිරෝධයෙන් සොයාගනු ලැබුයේ විනුන් විසිනැයි කියැවේ.