සේතු
 

සේතු



විස්ටන් සේතුව



ප‍්‍රතිරෝධයක වටිනාකම නිවැරදිව සොයා ගැනීමට පාවිච්චි කෙරෙන ශ්‍රේණිගත සමාන්තරගත පරිපථයකි. විස්ටන් සේතුව





 















8.1 චිත‍්‍රයේ දැක්වෙන්නේ විස්ටන් සේතුවයි. මෙම පරිපථයේ A සහ C අතර විදුලි කෝෂයක් සම්බන්ධ කල විට ඉන් ලැබෙන ධාරාව, I දෙකට බෙදි i1ධාරාව r1 සහ r2 ප‍්‍රතිරෝධක හරහා ද i2 ධාරාව r3 සහ r4 ප‍්‍රතිරෝධක හරහා ද ගමන් කරයි. BD සන්ධිය හරහා ශුණය මධ්‍යයේ පිහිටි ගැල්වනෝ මානයක් සම්බන්ධ කොට තිබේ. ගැල්වනෝ මානය හරහා ධාරාවක් නොගලන සේ fia  r1 ,r2 ,r3 සහ r4 ප‍්‍රතිරෝධක තෝරා ගනු ලැබේ. මේ තත්ත්වය යටතේ B සහ D අතර විභව අන්තරයක් නැත.



එම නිසා,



i1 r1 =i2 r2  ------------------------------ 1

i1 r1 =i2 r4  ------------------------------ 2



සමිකරණ 1.2 න් බෙදීමෙන්,



r1/ r1 =r3 /r4  ------------------------------ 3



ඉහත 3 සමිකරණයට අනුව ප‍්‍රතිරෝධක 3 ක වටිනාකම දන්නා විට සිව්වැන්නේ අගය ගණනය කළ හැක.



r3 සහ r4 ප‍්‍රතිරෝධකවල අගය නොදනිතත් එහි අනුපාතය දන්නේ නම් r2 හි අගය පමණක් දැන ගැනිමන් r1 හි අගය සෙවිය හැක.



විස්ටන් සේතුව ප‍්‍රතිරෝධකයක අගය සෙවිමට අමරතව තවත් නොයෙකුත් ප‍්‍රයෝජන සඳහා ඉලෙක්ට්‍රොනික පරිපථවල යොදා ගැනේ.



(c) Shilpa Sayura Foundation 2006-2017