සමාන්තරගත ශ්‍රේණිගත පරිපථ
 

ඉලෙක්ට්‍රොනික පරිපථ බොහෝ විට සාමාන්තරගත ශ්‍රේණිගත මිශ‍්‍රණයකි.

පරිපථයක එක් එක් සංචරකයන්ගේ තනි වොල්ටීයතාව සහ ධාරාව ද, ශාඛා සමක ප‍්‍රතිරෝධය ආදි අනෙකුත් පරාමිතියන්ද දැන ගැනිම පරිපථ අලූත්වැඩියාවට මෙන්ම නව පරිපථ නිර්මාණයට ද ඉතා ප‍්‍රයෝජනවත් ය. පරිපථ විශ්ලේෂණයට ඕම්ගේ නියමය යොදා ගනු ලබන අතර, එම ප‍්‍රතිඵල ප‍්‍රායෝගිකව අත්විඳ ගැනිම දැනිම වඩාත් මට සිලූටු කරයි.

සමාන්තරගත ශ්‍රේණිගත පරිපථ

බොහෝ ඉලෙක්ට්‍රොනික පරිපථවල එක පරිපථය තුළ ම සමාන්තර සහ ශ්‍රේණිගත ඇමුණුම් දක්නට ලැබේ. වොල්ටීයතාව අඩුකර ගැනිමේ අවශ්‍යතාව සඳහා ප‍්‍රතිරෝධ ශ්‍රේණිගත කර ගන්නා අතර, සමහර සංරචකවලට සමාන වොල්ටියතාව සැපයිමට අවශ්‍ය විට සමාන්තරගත කිරිමේ කෙරේ.

චිත‍්‍රයෙහි දැක්වන පරිථයෙහි කුඩා විදුලි බුබුළු 3 ක් බැටරියකට සම්බන්ධ කොට ඇත. 4V බැටරියන් මෙම විදුලි බුබුළු තුනම ඒවායේ නියම දිප්තියට දැල්විමට අවශ්‍යව තිබේ.

2V විදුලි බුබුළක් කෙලින්ම 4 V බැටරියට සම්බන්ධ කරන ලද්දේනම් අනිවාර්යෙන්ම එය පිලිස්සි යනු ඇති. විදුලි බුබුළු තුනම ශ්‍රේණිගත කරන ලද්දේනම් අවශ්‍ය ධාරාව ඒ තුළින් නොයාම නිසා දිප්තිය අඩුවයි.

එාහත්, 2 V බුබුළු දෙක ශ්‍රේණිගත කළහොත් 4 V බැටියෙන් ඒ දෙකටම අවශ්‍ය 2 V ලබාදෙයි 4 V බුබුළ කෙලින් ම බැටරියට සම්බන්ධ කළ හැක. එවිට ලැබෙන සම්බන්ධතාවය 8.1 පරිපථයහි පෙනේ.

L1 සහL2 ශ්‍රේණිගත කොට L3 සමඟ සමාන්තරව අමුණා තිබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017