සන්නයනතාව
ප්‍රතිරෝධයෙහි පරස්පය සන්නයනතාවයි. සන්නයනතාවෙහි ඒකකය සිමන් වෙයි. සිමන් සංකේතය "S" වෙයි 7.4 චිත්රයේ ස්නනයනතාව
S = 1/15 + 1/10
=0.067 + 0.1
=0.167S
සමාන්තර පරිපථයක (ප්‍රතිරෝධකවල) ස්නනායකවල සමාන්තර ස්නනායනතාව තනි අගයන්ගේ ඓක්‍යය යි
ST = S1+ S2 +S2 +............SN------------------- (7.3)
ලූහුවත් කිරිම
7.5 චිත්රයෙහි දැක්වෙන්නේ සමාන්තර පරිපථය සන්නායකින් (Y) ලූහුවත් කරනු ලැබේ.
සමාන්තරගත කරන ලද නිසා R1 R2 සහ Y වලට එක සමාන බැටරි වෝලටියතාව "V" ලැබෙයි. මේ එක් එක් ශාඛා හරහා ගලන ධාරාව පහත දැක්වෙයි.
IR1 = V/R1
IR1 = V/R2
IY = V/0 = ∞
R1සහ R2 යන ශාකාවල ප්‍රතිරෝධයක් ඇති නිසා ධාරාව සීමා වේ. එහෙත් "Y" හොඳ සන්නායකයක් නිසා ප්‍රතිරෝධය ඉතාමත් අඩුය. ශුන්‍යයට ආසන්නය. එහෙයින් Iy (Y තුළ ධාරාව) සිමා රහිතව වැඩිවිය හැක. කෙසේ වෙතත් අසිමිත ධාරාව නිසා Y උණු වී යාමෙන් හෝ බැටරියේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හේතුවෙන් පරිපථය බිඳ වැටීම හෝ ධාරාව පාලනය විම සිදුවනු ඇත.
ලූහුවන් කළ විට වෝලටීයතා ප්‍රභවයේ විබව අන්තරය බලමු.
Y හි ප්‍රතිරෝධය = 0
IY = ∞
V=IR යෙදිමෙන්
VV = ∞ X 0 =0
වොල්ටීයතා ප්‍රභවයේ වි බව අන්තරය ශුන්‍යයට පහත වැටේ. එහෙයින් R1 R2හෝ වෙනත් පරිපථයෙහි සංචරකයක් හරහා විදුලිය ගමන් කිරිමක් සිදු නොවේ. පරිපථය බිඳ වැටේ.