සමාන්තර පරිපථ - පොදු ප‍්‍රතිරෝධය
 

7.3 සමාන්තර පරිපථ - පොදු ප‍්‍රතිරෝධය























7.3 චිත‍්‍රයෙහි පරිපථයේ බැටරියෙන් (B) "V" වෝලටීයතාවක් ජනනය කරයි. මෙම වෝල්ටීයතාව ඞ සහ ශසන්ධි දෙකට සම්බන්ධ කොට ඇති ප‍්‍රතිරෝධක තුනට (R1, R2සහ R3) ම සැපයේ ( බැටරිය් ඝෘණ X සහ Y ධන ද්‍රැව සහ වලට ඉතා හොඳ සන්නායක මාර්ගයෙන් සම්බන්ධ කොට ඇති සේ සැලකේ) එහෙයින් සමාන්තරගත කොට ඇති R1, R2සහ R3 යන ප‍්‍රතිරෝධක තුනටම "V" පොදු වොල්ටීයතාවයි It ප‍්‍රතිරෝධක තුන හරහා ම ගලන සමස්ත ධාරාවයි. එවිට ඕම්ගේ නියමෙයෙන් පරිපථයේ



සමක ප‍්‍රතිරෝධය RT=V/ IT



සමස්ත ධාරාව IT=V/ RT



පරිපථයේ සමාන්තර ප‍්‍රතිරෝඡුකවල තනි ධාරාව



I1=V/ R1

I2=V/ RT

සහ I3=V/ R3 වෙයි.



මුළු ධාරාව IT=I1 +I2 +I3 ---------------------(7-1) නිසා



V/RT= V/R1+ V/R2+ V/R3



සමිකරණය V වලින් බෙදිමෙන් (7-1)



I/RT= I/R1+ I/R2+ I/R3



පරිපථ ප‍්‍රතිරෝධ "N”ක සංඛ්‍යාවක් සමාන්තරව සම්බන්ධ කරන ලද නම්,



I/RT= I/R1+ I/R2+ I/R3+................. I/RN----------------------(7.2)



මෙම පරස්පර සුත‍්‍රය සමාන්තරගත කොට ඇති ඕනෑම ප‍්‍රමාණයක ප‍්‍රතිරෝධයක සංඛ්‍යාවක් සඳහා වලංගු වෙයි.



උදාහරණ 7.4



සමක ප‍්‍රතිරෝධය 10Ω ලබාගැනිමට 30Ω ප‍්‍රතිරෝධයක් සමඟ කුමන ප‍්‍රතිරෝධයක් සමාන්තර ගතකළ යුතුයද?



විසඳුම



I/RT= I/R1+ I/R2



සමාන්තරගත කළ යුත්තේ R2 නම්



I/R2 = I/RT- I/R1

       = 1/10 – 1/30

       = 30 – 1-/300 = 20/300

  R3 = 300/20 = 15Ω



උදාහරණ 7.5



7.4 චිත‍්‍රයේ දැක්වෙන පරිථයෙහි R1 ප්‍රතිරෝධක තුලින් යැවිය හැක්කේ 2A පමණි එහි ප‍්‍රතිරෝධය 15Ω කි. පරිපථයේ මුඑ ධාරාව 5A වෙයි මෙම ධාරාව සම්පුර්ණයෙන්ම පරිපථය තුළින් යැවිමට R1 හා සමාන්තරගත කළ යුතු ප‍්‍රතිරෝධකය කුමක්ද? පරිපථයේ සමඟ ප‍්‍රතිරෝධය කුමක් වේද?



විසඳුම



R1 හරහා V =2 X 15V = 30V = RX හරහා V



RX හරහා ධාරාව =5A-2A =3A



RX                          =30/3Ω = 10Ω



සමක ප‍්‍රතිරෝධය 1/R3       = 1/15 +I/10 =5/30

            RT                          =30/5 = 6 Ω



උදාහරණ 7.6



15V සැපයුම් වෝලටියතාවකින් යුත් පරිපථයක 0.25 A ධාරවාක් ගන්නා ලෙස සැලසුම් කළ යුතුව ඇත. පහත සඳහන් ප්‍රතිරෝධක ලබාගත හැක.



120 Ω - 2යි

150 Ω - 3යි

180 Ω - 3යි

330 Ω - 5යි

470 Ω - 4යි



මෙයින් අවම සංචරක ප‍්‍රමාණයක් යොදා අවශ්‍ය පරිපථය සැලසුම් කරන්නේ කෙලෙසද?



විසදුම්



RT       = V/I

            = 15/0.25 = 60Ω



මෙය 120Ω දෙක්ක සමාන්තර ගත කිරීමෙන් ලබාගත හැකි ,



I/R  = 1/120  + 1/120 = 2/120

R=60Ω



*මෙය නිවැරදි බව පොදු වොල්ටීයතාව සමඟ ප‍්‍රතිරෝධයෙන් බෙදීමෙන් දැනගත හැක.



V=30

RT=6

IT=30/6 = 5A



මුළු ධාරාව 5 A මෙය උදාරහණයයේ දි ඇති ම සුළු ධාරාවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017