සමාන්තර වෝලටීයතාව
 

සමාන්තර වෝලටීයතාව



සමාන්තරගත කරන ලද සියලූ සංරචකවල වොල්ටීයතාව එක සමාන ය. 7.1 චිත‍්‍රයෙහි R1, R2 සහ R3 යන ප‍්‍රතිරෝධක තුනෙහි ම වෙල්ටියතාව "V" වේ. බැටරියේ සිට සෘජුව ම සංරචකවලට සම්බන්ධය ඇති නිසා, සංරචකවලට සැපයෙන වොල්ටියතාව බැටරි වෝලටීයතාව ම වෙයි. එහෙත් ධාරාව එක සමාන නොවේ. ධාරාව රඳා පවත්න්නේ ඒ ඒ සංරචකයේ ප‍්‍රතිරෝධය මතය. ඕම්ගේ නියමය අනුව ධාරාව,

I  = V/ RX වෙයි.



ශ්‍රේණිගත පරිපථයෙහි ධාරාව සෑම සංරචකයක ම එක සමාන වන අතර, සමාන්තරගත පරිපථයෙහි වෝලටීයතාව එක සමාන වේ.



පරිපථ ශාඛා ධාරාව



සැම සංරචකයකම වොල්ටීයතාව සමාන නිසා, සමාන්තර පරිපථයක ශාකාවල ධාරාව වෙන වෙනම සෙවිය යුතුය. සංරචකයෙහි ප‍්‍රතිරෝධය දන්නා විට ධාරාව සෙවිම කළ හැක.



උදාරහණ



7.1 චිත‍්‍රයේ පරිපථයෙහි සැපුයම වෝලටියතාව V=30V කි. R1=5, R2=10 සහR3=15 වේ.



මේ අනුව

R1 ධාරාව = V/ R1

                 =     30/5     = 6A



R2 ධාරාව  =          V/ R2

                 =          30/10   = 3A



R3 ධාරාව  =          V/ R1

=          30/15   = 2A



සමාන්තර පරිපථයෙහි ශාඛාවල එක් එක් ධාරාවන් ගලා ගියද, මේ ශාඛා සියල්ලහි ම ගලා යන්නේ සැපයුම් ප‍්‍රභවයෙන් පිටවන ඉලෙක්ට්‍රෝනයි (චිත‍්‍රය 7.2) බලන්න එක් එක් ශාඛාවේ ප‍්‍රතිරෝධය අනුව ඒ ඒ් ශාඛාවේ ත්තපරයක දීගලා යන ඉලෙක්ට්‍රෝන සංකයාවෙහිවෙනසක්වෙතත්, ඝෘණ ධ‍්‍රැවයෙන් පිට වු මුළු ඉලෙක්ට්‍රෝන සංකයාවම ධන ධ‍්‍රැවයකරා අනිවාර්යයෙන් ම ළඟා වෙයි.




 


7.2 පරිපථයෙහි ශාඛා තුනක් වෙයි. මෙම ශාකා තුනෙහි ම බෙදි යන්නේ "V" ප‍්‍රභවයෙන් එන It ධාරාව යි. මෙම It ධාරාවට B1 B2සහ B3යන ශාඛා හැර වෙනත් යා හැකි මඟක් නැත. එහෙයින් It ධාරාව i1 i2සහ i3 වශයෙන් B1 B2සහ B3 යන ශාඛා අතර බෙදි යන අතර, නැවත එකතුව වෝලටීයතා ප‍්‍රභවය කරා ගලා යයි.



IT         =          I1 +I2 +I3



යම් ලෙසකින් ඉහත ශාඛා එකක් හේ විසන්ධි වුවහෙත්, මුළු ධාරාව IT ඒ අනුව අඩුවෙයි. උදාහරණයක් ලෙස B1ශාඛාව විසන්ධි වුවායිය සිතමු. එවිට B1හරහා යන ධාරාව වන I1නවති. එම නිසා එම අවස්ථාවේ මුළු ධාරවා



IT         =          I1 +I2



මෙලෙසම, තව නව ශාඛාවක් B4(චිත‍්‍රයේ කැඩුණු රේඛාවලින් දක්වා ඇත) සම්බන්ධ කරන ලද නම්, එම ශාඛාව හරහා I4 ධාරාවක් ගමන් කරනු ඇති නිසා සමස්ථ ධාරාව ප‍්‍රමාණයෙන් වැඩිවෙයි.



මුළු ධාරාව IT         =          I1 +I2 +I3 + ................ IN  ------------------------(7.1)



උදාහරණ 7.2



ඉහත 7.2 පරිපථයෙහි I1 =100mA I1 =200mA සහ I1=300mA වේ. සමස්ත ධාරාව කොපමණද?



විසඳුම IT         =          I1 +I2 +I3 + ........ IN

                        =          100 + 200 + 300mA

                        =          600mA



උදාහරණ 7.3



7.2 චිත‍්‍රයේ පරිපථයෙහි බැටරියෙහි වෝලටියතාව 12V කි. R1=6Ω, R2=3Ω සහ R3=48Ω වේ. B1 ,B2 සහ B3ශාඛා හරහා ගලන ධාරා වෙන වෙනමත්, බැටරියෙන් පරිපථයෙට සපයන සම්පුර්ණ ධාරාවත් සොයන්න.



විසඳුම



ඕම්ගේ නියමය අනුව ධාරාව I=V/R වේ.



R3 හි ධාරාව    = 12/6              =2A

R2 හි ධාරාව      =12/3             = 4A

R3 හි ධාරාව      =12/48           =1/4A

=0.25A



මුළු ධාරාව TT    =2+4+0.25A = 6.25A

(c) Shilpa Sayura Foundation 2006-2017