සමාන්තර පරිපථ
 



7.

සමාන්තර පරිපථ



පරිපථයක සංරචක සියල්ල එකම වොල්ටීයතාවකට සම්බන්ධ කිරීම සමාන්තරගත කිරිම නම් වේ. ප‍්‍රතිරෝධක කිහිපයක් සමාන්තර ගත කළ විට ඒවායේ සමක ප‍්‍රතිරෝධය මෙසේ දැක් වේ.



I/RT = I/R1  + I/R2 + I/R3 + ............I/RN



සමාන්තරගත කළ සන්නායකවල සන්නයනතාව "ST" දැක්වෙන්නේ මෙලෙස ය.



ST = S1 + S2 + S3 + ...........SN



සන්නයනතාව මැනිමේ ඒකකය සීමන් (S) වේ.



සමාන්තරගත කළ සියලූ සංරචකවල වොල්ටීයතාව එක සමාන නමුත් ධාරාව එ ඒ සංරචකයේ ප‍්‍රතිරෝධය අනුව වෙනස් වේ.



සමාන්තර පරිපථයක මුළු ජව උත්සර්ජනය ඒ තනි සංරචකවල ජව උත්සර්ජනයේ ඓක්‍යය වෙයි.

ශ්‍රේණිගත පරිපථයක සංචරකයක් ලූහුවන් කළහොත් අන් සියලූ සංචරකවලද ධාරාව ශුන්‍ය වෙයි. එහෙත් සමාන්තරගත පරිපථයක ධාරාව නවතින්නේ ලූහුවන් කළ සංරචකයේ හෝ ශාඛාවේ පමණි.



තාක්ෂනික පද



පරස්පර සුත‍්‍රය - Reciprocal Formula

සමාන්තර පරිපථ - Parallel circuits

සන්නයනතාව - Conductivity



සමාන්තර පරිපථ



සංරචක කිහිපයක් එක වෝලටීයතා ප‍්‍රභවයකට සම්බන්ධ කළ විට එම සංරචක සමාන්තරව අමුණා ඇතැයි කියනු ලැබේ. ගෘහස්ථ විදුලි සැපයුම සමාන්තර පරිපථවලට හොඳ උදහාරණයකි. නිවසේ පාවිච්චි කරන ලද සියලූ විදුලි උපකරණ 230V න් ක‍්‍රියා කරන අතර, නිවසෙහි විදුලි සැපයුම ද 230V වෙයි. විදුලි බුබුළු ඇතුළු සියලූ විදුලි උපකරණ සැපයුම් ප‍්‍රභවය සමඟ සමාන්තර ගත කර ඇත.
















(c) Shilpa Sayura Foundation 2006-2017