ශ්‍රේණිගත වෝලටියතා
ප්‍රතිරෝධක මෙන්ම වොල්ටීයතා ද ශ්‍රේණිගත කළ හැක. විදුලි කෝෂ එකට අමුණා බැටරියක් තනන්නේ අයුරිනි. විදුලි කෝෂවල තනි තනි වෝලටියතා එකට එකතු වන ලෙස ඇමිනිමෙන් බැටරියෙහි වෝලටියතාව තනි කෝෂ වෝලටියතා ඓක්‍යයට සමාන වේ.
6.5 චිත්රයේ (ආ) රූපයෙන් කෝෂ තුනක් වෝලටියතාව එකතු වන පරිදි සම්බන්ධ කරන ආකාරය පෙන්නුම් කරයි. එක කෝෂයක ඝෘණ අග්‍රය ඊළඟ කෝෂයේ ධන අග්‍රයට ආදි වශයෙන් සම්බන්ධ කොට දෙකෙළවර කෝෂවලින් ධන සහ ඝෘණ සම්බන්ධතාව ගත් කළ වෝල්ටියතා අගයන් එකතු වේ. මෙලෙස එකලස් කරන ලද බැටරියකට ගත් කළ වෝලටීයතා අගයන් එකතු වේ. මෙලෙස එකලස් කරන ලද බැරියකට භාරයක් අමුණා ඇති අයුරු (ඉ) රූපයෙ නිරුපණය කරයි. (ඊ) රූපයෙන් 6V බැටරි දෙකක් වෝලටීයතා අගයන් එකතු වන පරිදි ශ්‍රේණිගත කොට 3Ω භාරයකට අමුණා ඇත. එක 6V බැටරියකින් පමණක් 3Ω භාරය හරහා ධාරාවක් යවන ලද නම්, ඕම්ගේ නියමයට අනුව 6/3 =2A ධාරාවක් ලැබෙනු ඇත. අනෙක් බැටරියෙන්ද මේ ආකාරයට ම 2A ධාරාවක් ලැබේ. ඒ අනුව පරිපථයේ මුළු ධාරාව It, 4Aවෙයි.
එක එක බැටරියෙහි ධාරා ඓක්‍යය සොයනු වෙනුවට, බැටරිවල වෝල්ටීයතාව එකට එකතු කිරීමෙන්ද, ධාරාව ගණනය කළ හැක.
6V + 6V = 12V
12V/3 W = 4A
එනම VT /RL = IT
සමක වෝලටියතාව සමක භාරයෙන් බෙදු විට සමක ධාරාව ලැබේ.
වෝලටීයතාවන් එකතු වන පරිදිමෙන්ම, වෝල්ටියතාවන් අඩූවන පරිදි ද විදුලි ජනක ශ්‍රේණිගත කළ හැකිය. 6.6 චිත්රයේ දැක්වෙන්නේ මෙවැන්නකි.
6V බැටරීය 4V බැටරියට වෝලටියතා ප්රතිිවිරුද්ධ වන පරිදි අමුනා තිබේ. 6V බැටරිය වෝලටී 6 ක විද්‍යුත්ගාමක බලයකින් ධාරාව එලවිමට උත්සාහ දරයි. 4V බැටරිය වෝල්ට් 4 ක විද්‍යුත්ගාමක බලයකින් එයට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාව එලවිමට යන්න දරයි. 6V බැටරියට භාරය හරහා 6/2=3A ධාරාවක් එලවීමේ හැකියාවක් ඇති අතර, 4V බැටරියට ඇත්තේ 4/2=2A ධාරාවක් එලවීමේ හැකියාවකි 3A ධාරාව A සිට B දක්වා ද 2A ධාරාව B සිට A දක්වා ද ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරිමට යත්ත දැරීමේ ප්‍රතිඵලය වන්නේ 3A -2A=1A ධාරාවක් A සිට B දක්වා ගමන් කිරීමය.
බැටරි දෙකෙහි වෝලටීයතා විජය ඓක්‍යය ගන්නා ලද නම් ඉන් ලැබෙන ප්‍රතිඵලය ද මේ සමාන වනු ඇත.
6V – 4V = 2A
2V/2 W = IA
VT /RL = IT
වෝල්ටියතාව ප්‍රතිවිරුද්ධ ලෙස සම්බන්ධ කළ සරල විදුලි ජනක පද්ධතියක ද ද්රැවියතාව ශුද්ධ වෝලටීයතාවේ ධ්‍රැවියතාව වෙයි.
6.6 චිත්රයෙහි පරිපථයෙහි ශුද්ධ ධාරාව ගලන්නේ A සිට B දක්වාය. එස් වන්නේ ට සාපේක්ෂව ඉහල විභවයක ඇති හෙයිනි. මෙය ශුද්ධ වෝලටියතාවේ දිශාව යි.
ප්‍රතිවිරුද්ධ වෝල්ටීයතා දෙකක් එක සමාන වුණි නම්, ශුද්ධ වොල්ටියතාව ශුන්‍ය වන නිසා පරිපථයෙහි ධාරාවක් ඇති වන්නේ නැත.
වොල්ටීයතා ජනක ශ්‍රේණිගත කළ පරිපථ
6.7 චිත්රයේ පරිපථයෙහි වොල්ටීයතා ජනක තුනක් සහ ප්‍රතිරෝධක තුනක් ශ්‍රේණිගත කොට ඇත. මෙහි විජිය වෝලටියතාව
+6V – 2V – 2V = +2V
ධාරාවේ දිශාව වෝලටීයතාවේ දිශාව වේ. එය කැඩුනු රේඛාවකින් ලෙස චිත්රයෙහි දක්වා ඇත.
ධාරාව I = 2V/10 W = 0.2A ( *සමක ප්‍රතිරෝධය)