ශ්‍රේණිගත පරිපථයක ජව උත්සර්ජනය
  ශ්‍රේණිගත පරිපථයක ජව උත්සර්ජනය

ප‍්‍රතිරෝධයක ධාරාවක් ගලන විට ජව උත්සර්ජනයක් වෙයි. පරිපථයක ප‍්‍රතිරෝධක කිහිපයක් වෙත් නම්, ඒ සියලූ ප‍්‍රතිරෝධයකින් ම ජව උත්සර්ජනයක් ඇති වන අතර, එය තාපය වශයෙන් පිට වේ. උදාරහණ 6.3 හි සඳහන් වු බත් පිසිනය තුළ සිදු වුයේද මෙයයි. බත් පිසිනය තුළ පමණ නොවා, එයට ශ්‍රේණිගත කරන ලද ප‍්‍රතිරෝදයෙන්ද ජව උත්සර්ජනය සිදු විය. 66-3 සහ 6-4 චිත‍්‍ර බලන්න)

ජව උත්සර්ජනය P=VI
බත් පිිසිනය තුළ තාපය බවට පත් වු ජවය = I2R
ප‍්‍රතිරෝධකයෙන් තාපය බවට පත්වු ජවය =  52 X 40W =   250W

ප‍්‍රතිරෝධකය සහ බත් පිසිනය යන දෙක ම ජවය සපයන ලද්ත්‍ද් 250V විදුලිබල පද්ධතිය විසිනි. එහෙයින් 250V ජව සැපයුම වැය කළ මුළු ජවය, ප‍්‍රතීරෝධකයෙහි සහ බත් පිසිනයෙහි ජව ඓක්‍යයට සම වේ.

PT        =          P1 + P2
             =          1000 + 250W
             =          1250W

බත් පිසිනයෙහි 1000W ප‍්‍රයෝජනයට ගන්නෘ අතර, 250W ක් තාපය ලෙස ප‍්‍රතිරෝධයෙන් අපතේ යයි. මෙය ප‍්‍රයෝජනයට ගන්නා ජවයෙන් 1/4 කි. එම නිසා ඉහත 200V ක් සඳහා තැනුණු බත් පිසින ය. ප‍්‍රතිරෝධකයක් ශ්‍රේණිගත කර 250V ජව සැපයුමකින් පාවිච්චි කිරිම ඉතා අකාර්යක්ෂම ක‍්‍රියාවකි.

(c) Shilpa Sayura Foundation 2006-2017