විබව බෙදුම් පරිපථ
උදාහරණ 6.3 හි බත් පිසිනයට විභව පාතනයක් ලබාගත් පරිපථය විභව බෙදුම් පරිපථයක් ලෙස ද හැඳින්විය හැක. ඉලෙක්ට්‍රොනික පරිපථවල නොයෙකුත් අවශ්‍යතා සඳහා ශ්‍රේණිගත විභව බෙදුම් පරිපථ යොදා ගැනේ. 6.4 පරිපථයේ දැක්වෙන්නේ මෙවැනි පරිපථයකි.
මෙහි (අ) පරිපථය ට‍්‍රාන්සිස්ටර් වර්ධකයක් ප‍්‍රතිරෝධක යොදා අවශ්‍ය වෝලටීයතාවන් විභව බෙදුම් මඟින් ලබා ඇති ආකාරය පෙන්වයි. (ආ) පරිපථයෙහි ප‍්‍රතරෝධක හරතක් යොදා සැපයුම් වොල්ටීයතාවට අමතරව V1, V2 සහ V3වශයෙන් විභව බෙදුම් මඟින් වෝලටීයතා තුනක් ලබා ඇති සැටි පෙනෙයි.
ඉහත (ආ) පරිපථයෙහි සැපුයම් වෝලටියතාව Vs වේ.
VS = IRT (RT+ R1+ R2+R3+R4)
මෙහි V1 = IR1
V2 = IR2
V3 = IR3
V4 = IR4
(සියලූ ප‍්‍රතිරෝධක තුළින් ගල්න්නේ I ධාරාව වෙයි)
මේ එක් එක් විභව පාතන සැපයුම් වොල්ටීයතාවේ අනුපාතයක්සේ ගත් කළ.
V1 /VS = IR1 /IRT = R1 /RT
V2 /VS = IR2 /IRT = R2 /RT
V3 /VS = IR3 /IRT = R3 /RT
V4 /VS = IR4 /IRT = R4 /RT
ඉහත සමීරකණ වලින්
V1 = R1 /RT x VS V2 = R2 /RT x VS
V3 = R3 /RT x VS V4 = R2 /RT x VS
ප‍්‍රතිරෝධකයක් හරහා විභව පාතනය. එහි ප‍්‍රතිරෝධයෙහි සහ සමක ප‍්‍රතිරෝධකයෙහි අනුපාතයේත් සැපුයම් වොල්ටියතාවයෙන් ගුණිතය වේ.
V1 = Rx /RT x VS ---------------------- (6.2)
උදාහරණ 6.6
6.4 චිත5යෙහි (අ) රිපථයේ R1 = 100 ද, V2 =200 ද, R3 =400 ද වේ යැයි සිතමු. විභව පාතන V1, V2, V3,සහ V4 සෙවිය යුතුවෙයි. සැපයුම් වෝලටියතාව 100V කි.
විසඳුම
මෙහි
R3 = 100 + 200 + 300 + 400 = 1000
V1 = R1 /RT x VS
V1 = 100 / 1000 x 100 = 10V
V2 = 200 / 1000 x 100 = 20V
V3 = 300 / 1000 x 100 = 30V
V3 = 400 / 1000 x 100 = 40V
V1 + V2 + V3 + V4 =100V