ප්රතීරෝධය, තාපය සහ අධි සන්නයනතාව
සන්නායකයක උෂ්ණත්වය වැඩිවන විට එහි ඉලක්ට්රෝනවල චාලක ශක්තිය වැඩි වේ. ඒ නිසා ඉලක්ට්රෝන අහඹු ලෙස වැඩි වේගයකින් චලනය වන්නට පටන් ගනි. සන්නායකයක දෙකෙළවරට විභව අන්තරයක් යෙදු විට ඉලෙක්ට්‍රෝන ධාරාවක් (විදුලි ධාරාවක්) එතුලින් ගලා යා යුතුු ය. එහෙත් උෂ්ණත්වය නිසා ඇති වන ඉහතකී අහඹු චලනය මෙම විදුලි ධාරාවට බාධා කරයි. උෂ්ණත්වය වැඩි වන්නට වැඩි වන්නට විදුලි ධාරාවට වන මෙම බාධාව නොහොත් ප්‍රතිරෝධය ද වැඩි වේ. සන්නායකයක උෂ්ණත්වය සමඟ විද්‍යුත් ප්‍රතිරෝධය ද වැඩි වේ.
උෂ්ණත්වය වැඩ විම සමඟ ප්‍රතිරෝධය වැඩි වන්නා සේම, උෂ්ණත්වය අඩු වන විට ප්රතරෝධය අඩු වේ. මෙයට හේතුව මුලින් සඳහන් කළ පරිදි ඉලෙක්ට්‍රෝනවල චාලක ශක්තිය අඩු විමයි. මෙසේ උෂ්ණත්වය අඩුවිම සමඟ ප්‍රතිරෝධය අඩුව සන්නායකතාව වැඩිම ගොස් නිරපේක්ෂ ශුන්‍ය උෂ්ණත්වය :ධදණ*ෆ ආසන්නයේ දී බෝහෝ ද්‍රවය ශුන්‍ය ප්‍රතිරෝධයක් පෙන්වයි. මෙම ආවරණයට අධිසන්නායකතාව යැයි කියනු ලැබේ.
නිරපේක්ෂ ශුන්‍ය උෂ්ණත්වයට ඉහළ උෂ්ණත්වවල දි අධි සන්නායකතාව පෙන්වන ද්‍රව්‍ය දැනට නිපදවා ඇත.