ජවඋත්සර්ජනය
 

ජවඋත්සර්ජනය



ඉලෙක්ට්‍රෝන ධාරාවක් සන්නායකයක් තුළින් ගලන විට එකිනෙක අතර ඇති වන ඝර්සනය හේතුවෙන් චාලක ශක්තිය තාපය බවට පෙරෙළේ. මෙසේ තාපය බවට හැනෙරන්නේ විදුලි ජනකයෙන් සන්නායකයට ලැබෙන විදුලි ශක්තියයි. විදුලි උඳුනක තාප දඟරය විදුලිය ජනකයෙන් සන්නායකයට ලැබෙන විදුලි ශක්තියයි. විදුලි උඳුනක තාප දඟරය විදුලිය තාපය බවට හරවා උඳුන උණුසුම් කරයි. විදුලි බුබුළක සුත‍්‍රිකාව සුදු වනතුරු උණුසුම් කරන විදුලිය, ඉන් අනවශ්‍ය අවස්ථාවල ද තාපය ඇතිවේ. විදුලි මෝටරයක් ක‍්‍රියා කරන විට එය රත්වන නිසා සිසිල් කිරිමට සමහරවිට හුළං පෙත්තක ඇටවිමට සිදු වේ. ඉලක්ට්‍රොනික පරිපථවල ජව වර්දකයන්හි ඇති වන තාපය උත්සර්ජනය සඳහා තාප නිවාරක සවි කරනු ලබයි.

ජව උත්සර්ජනය , ඕම්ගේ නියමයෙන්



P          =          V.I

V         =          IR

P          =          IR.I

P          =          I2R       --------------------- (5'9)

එලසෙ ම, I වෙනුවට V/R ආාද්ශ කිරිමෙන්

P          =          V V/R

P          =          V2R      ------------------------ (5'10)

උදාරහණ 5.10



ඇම්පියර් 5 ක් ගන්නා ගිල්ලූම් තාප දඟරයක් 240V විදුලි බල පද්ධතියට සම්බන්ධ කළ විට කිනම් ජවයක් ජලය උණුසුම් කිරීම සඳහා නිකුත් වේද?

විසඳුම:-



P          =          V.I

            =          240 x 5W

            =          1200W



උදාරහණ 5.11



විදුලි මෝටරයක් 10A ක ධාරාවක් ගන්නා අතර, එහි එතුම් දඟරයෙහි ප‍්‍රතිරෝධය ඕම් 5 කි. මෝටරයෙන් කිනම් ජවයක් තාපය බවට පෙරෙළේද?



විසදුම්:-



P          =          I2.R

             =          102 x 5W

             =          500W

උදාහරණ 5.12



240V ජව සැපයුම් පද්ධතියෙන් ක‍්‍රියා කරවීම සඳහා නිපද වු විදුලි ස්ත‍්‍රික්කයක් තාප දඟරයෙහි ප‍්‍රතිරෝධය ඕම 60 කි. එහි ජව වැගයිම කොපමණද?



විසඳුම:-



P          =          V2/R

             =          (240)2  x 60      = 240 X 240W  / 60

             =          960W

(c) Shilpa Sayura Foundation 2006-2017