විදුලි බලය
 

විදුලි බලය



බලය මැනිම පිළිබඳව මුලින්ම සිත් යොමු කළ විද්‍යාඥයා ජේමිස් වොට් වේ. සිට 1819 දක්වා ජීවත් වු ඔහුගේ වාෂ්ප එන්ජිමෙහි බලය මැනිමට ත්‍හතෙම අශ්ව බල ඒකය ඉදිරීපත් කළේය. (ඒ කාලයේ වැඩට අශ්වයන් යොදා ගැනිම එයට හේතු විය)

1831 දි මයිකල් ෆැරඬේ විදුලි ජනකය නිපදවීමෙන් පසු විදුලි බලය මැනිමට ඒකනයක් ද අවශ්‍ය විය.

විදුලි බලය P = වෝල්ටීයතාව (V) x ධාරාව (I) වේ.

විදුලි බල ඒකකය, ජේමිස් වොට්ට ගරු කිරිමක් වශයෙන් "වොට් (W)"යැයි නම් කෙරිණි.

මෙහි I ඒකකය (ඇම්පියරය) = තත්පරයට කුලෝම්බි එකක ධාරාවකි = තත්පරයට ඉලෙක්ට්‍රෝන 6.25 x 1018 කි

වොට් 1 (W) = වෝල්ට් 1 (V) x තත්පරයට ඉලකේට්‍රෝණ 6.25 x 1018 වේ.

මෙය වචනයෙන් කිවහොත් වොට් එකක් යනු ඉලෙක්ට්‍රෝන 6.25 x 1018 ප‍්‍රමාණයක් තත්පරයක් තුළ වෝල්ට් එකක විභව අන්තරයක් හරහා ගෙන යාමේදි කෙරෙන කාර්යය ප‍්‍රමාණයයි.

උදා:- 5.4



වෝල්ට් 240 වැඩ කරන උඳුනක් 10A ක ධාරාවක් ගනි. උ’ධූනේ ජව උත්සර්ජනය කොපමණද?



විසඳුම:-



ජව උත්සර්ජනය P = VI

=   240 X 10W

=   2400W

=   2.4W

                                               

උදා : 5.5

                                               

මෝටර් රථයක ලාම්පුවක් 120W ලෙස සලකුනු කොට ඇත. රථයේ විදුලි බල පද්ධතිය 24V වේ. ලාම්පුව ගන්නා ධාරාව කොපමණද?

විසඳුම:-



P  =    V X I

I   =    P/V (A)

    =    120/24

A = 5A

උදා: 5.6



10mA ගන්නා ආලෙෘ්ක විමෝචක දියෝදයක් (LED) 3V ක බැටරියකට සම්බන්ධ කොට ඇත. ආලෝක විමෝචක දියෝදයේ ජව උත්සර්ජනය සොයන්න



විසඳුම:-



මෙහි

I           =          10mA

            =          10/1000(A)

    P      =          V X T

            =          3 X 10/1000W

            =          3/100W

            =          0.03W

            =          30mW

උදා:-



240v විදුලි බල පද්ධතියෙන් ක‍්‍රියා කරන උඳුනක 1200w තාප දඟරයක් පිලිස්සි තිබේ. උදුන අලූත්වැඩියා කිරිම සඳහා අවශ්‍ය වන තාප දඟරයේ ප‍්‍රතිරෝධය කොපමණ විය යුතුද?



විසඳුම:



ජවය P = VI

ධාරාව I = P/V

දඟරයේ ජවය = 1200W

වොල්ටීයතාව = 240V

ධාරාව I = 1200/240A=5A

ඕම්ගේ නියමය V = IR නිසා

R = V/I වේ

දඟරයේ ප‍්‍රතිරෝධය R = 240 / 5 Ω

= 48W

(c) Shilpa Sayura Foundation 2006-2017