ඕමිගේ නියමය
 

ඕමිගේ නියමය

මෙම (5.2) සමිකරණය පහත දැක්වෙන පරිදි අර්ථ දැක්විය හැක.

"උෂ්ණත්වය නොවෙනස්ව පවතින කල සන්නායකයක් තුළින් ධාරාවක් යැවිම අවශ්‍ය වන වෝල්ටීයතාව, එම සන්නායකයෙහි ප‍්‍රතිරේධයෙහිත්, ඒ තුළින් ගලන ධාරාවෙහිත් ගුණිතය වේ.”

ධාරා විද්‍යුත්යෙහි ඉතා වැදගත් නියමයක් වන මෙය හඳුන්වනු ලබන්නේ ඕම්ගේ නියමය වශයෙනි. මෙම නියමය සොයාගත් විද්‍යාඥයාට ගරු කිරිමක් වශයෙන් ප‍්‍රතිරෝධය මනින්න ඒකකයද හඳුන්වනු ලබන්නේ ඕම් වශයෙනි, ( Ω- ඔමෙගා ග‍්‍රිස් අක්ෂයරය ඕම් ඒකකයේ සංකේතයයි)


ඕමිගේ නියමය  V,I සහ R

V = IR ට අනුව

V ∞  I              -------------         (3)
V ∞  R             -------------         (4)
සහ R ∞ 1/I     හෝ
I ∞  I/R             ------------        (5) වේ.

එනම්, පරිපථයක V ට සමාගාමිව I වෙනස් වෙයි. (මේ බව අපි ඉහත පරික්ෂණවලින් හෙළි විය) එමෙන්ම V සමඟ ම R ද වෙනස්වන බව 4 වන සම්බන්ධතාව හෙළි කරයි. මෙය වෙනස් ලෙසකට කියහොත් "V” වෝල්ටීයතාව "I” ධාරාවට අනුලෝම වශයෙන් සමානුපාත වේ. එලෙසම "V” වෝල්ටීයතාව "R” ප‍්‍රතිරෝධයට ද අනුලෝම වශයෙන් සමානුපාත ය. තවදුරටත් කිවහොත් R (ප‍්‍රතිරෝධය) වෙනස් නොකොට (ලෝටීයතාව) වෙනස් කළහොත් I- (ධාරාව) ද V සමඟ ම එයට අනුපාතව අඩු හෝ වැඩි වේ. මෙලෙස ම I -නො වෙනස්ව තබා V වෙනස් කිරිමට නම් V අඩු හෝ වැඩි කරන සැම අවස්ථාවකම V ට අනුපාතව R ද අඩු හෝ වැඩි කළ යුතුවෙයි.

ඉහත 5 සම්බන්ධතාවයෙන් දක්වන්නේ මෙයට වෙනස් දෙයකි. එහි "V” නොවෙස්ව තබා "R” වෙනස් කළ විට I (ධාරාව) ප‍්‍රතිලෝම වශයෙන් වෙනස් වෙයි. වෙනත් අයුරකින් කිවහෙත් R වැඩිවන සැමවිටම, එයට සමානුපාතිකව I අඩු වීමත් R අඩු වන විට I වැඩි විමත් සිදු වෙයි.

ධාරා විදුලියෙහි මුලික සිද්ධාන්තයක් වන ඕම්ගේ නියමය නිසා, පරිපථ නිර්මාණය සහ ඒවායේ විවිධ සංරචකවල ප‍්‍රතිරෝධය, ගලන ධාරාව හෝ වෝල්ටීයතාව ගණනය කිරීම ද පහසුව පවති.

*මෙම පරීක්ෂණය කිරිමට අප යොදාගත උපකරණ නිපදවා ඇත්තේ ද ඕම්ගේ නියමය පාවිච්චි විම නිසා එම පරික්ෂණය නිරවද්‍ය නොවේ. අනෙක් අතට මිලි ඇමිමීටරයෙහි යම්කිසි ප‍්‍රතිරෝධකයක් කිරිමට වෝල්ට් මානය (බාහි මානය* හරහා ධාරාවක් ගැලීමත් වැනි කරුණු ද මෙහි දී නොසලකන ලදි. මේ හුදෙක් පරික්ෂණය සරල කිරිම සඳහා බව සැලකුව මැනවි.


ප‍්‍රායෝගික ඒකක

ඕම්ගේ නියමය පාවිච්චි කරන විට යොදා ගන්නා ඒකක, වෝල්ටි , ඇමිපියර් සහ ඕම් වේ. වෙනත් ඒකකවලින් දක්වා ඇති අගයන්, ඕම්ගේ නියමය පාවිච්චි කිරිමට පෙර, ඉහත මුලික ඒකකවලට හරවා ගත යුතුය.

උදා 5.1

5kΩ ප‍්‍රතිරෝධකයක් හරහා 10mA ධාරාවක් ගලා යයි නම් ප‍්‍රතිරෝධකයට යොදන ලද වෝල්ටියතාව කුමක්ද?

විසඳුම:-

මෙහි ප‍්‍රතිරෝධකය කිලෝ ඕම්වලිනි.

5kΩ=5000Ω
10mA= 10/1000Ω

ඕම්ගේ නියමය අනුව V=IR වේ.

V = 10/1000 x 5000V =50V
වෝල්ටීයතාව = 50V

උදා : 5.2

24V බැටරියක් 12k ප‍්‍රතිරෝධකයට සම්බන්ධ කොට ඇත. ප‍්‍රතිරෝධකය තුළින් ගලන ධාරාවක කොපමනද?

විසඳුම:-

ප‍්‍රතිරෝධකය 12kΩ = 12,000Ω
V=IR වේ.
I=V/R
ධාරාව = 24/12000 A = 2/1000 A
=2mA

උදා : 5.3

230V ජව සැපයුමක් අතැ. මි. ඇම්පියර් 10 ක් පමන අවශ්‍ය ආලෝක විමෝචක දියෝදයක් (LED) දැල්වීම සඳහා පාවිච්චි කළ යුතු ප‍්‍රතිරෝධය කුමක්ද?

විසඳුම:-

ධාරාව 10mA = 10/1000 A
ප‍්‍රතිරෝධය R = V/I
=230 / (10/1000) Ω
=230 x 1000/10 = 23000Ω
=23kΩ

(c) Shilpa Sayura Foundation 2006-2017