ප්‍රතිරෝධය, වෝල්ටියතාව, ධාරාව සහ ඕම්ගේ නියමය
විදුලි ධාරාව යනු ඉලෙක්ට්‍රෝන ධාරාවකි. විදුලිධාරාව ගලා යාමට විරුද්ධව සන්නායකයක් තුළ ඇති වන බාධකයට ප්‍රතිරෝධය යැයි කියනු ලැබේ. වෝල්ටියතාව යනු විදුලි ධාරාවක් ඇති කරලිමට අවශ්‍ය වන පිඩනය යයි. වෝලිටියතාවක් (විද්‍යුත් ගාමක බලයක්* නොමැති විට ධාරාව් ද නැත.
ඕම්ගේ නියමය වෝලිටියතාව (V) ධාරාව (I) සහ ප්‍රතිරෝධකය (R) අතර සම්බන්ධතාව පෙන්වා දේ. වෝල්ටියතාව , ධාරාවට සහ ප්රතිරෝධයට අනුලෝම වශයෙන් සමානුපාත බව ඉන් දැක්වේ.
V = I R
වෝල්ටියතාව මනින එක්කය වෝල්ටි (V) වශයෙන් ද, ධාරාව මනින ඒකකය ඇම්පියරය (A) වශයෙන්ද , ප්‍රතිරෝධය මනින එක්කය ඕම් (Ω) වශයෙන් ද ධාරා විදුලියෙහි මුලික එක්කය හැඳින්වේ. මෙයට අමතරව විදුලි බලය මැනිමේ දි වොට් සහ කිලෝ වොට් පැය ඒකකද යොදා ගැනේ.
- තාක්ෂණික පද:
අධි සන්නායකතාව - Super Conductivity
නිරපේක්ෂක ශුන්‍ය උෂ්ණත්වය - Absolute Zero Temperature
ධාරාව - current
ප්‍රතිරෝධය - Resistance
වෝල්ටීයතාව - Voltage
සැවුන - Tappings
සන්නායකතාව - Conductivity
ප්‍රතිරෝධය, වෝල්ටීයතාව, ධාරාව සහ ඕම්ගේ නියමය
ප්‍රතිරෝධය
විදුලි ධාරාවක් ගලා යාමේ දි ඇති වන බාධකය ප්‍රතිරෝධය යැයි හඳුන්වන බව අපි දනිමු. ප්‍රතිරෝධය අඩුවන්නට අඩු වන්නට විදුලිය පහුසවෙන් ගමන් කරන අතර, එම මාධ්‍ය හොඳ සන්නායකයක් බවට පත්වේ. ප්‍රතිරෝධය වැඩි වන විට සන්නයනතාව අඩු වී යයි. විදුලිය ගලා යාම කෙහෙත්ම සිදු නොවන ද්‍රව්‍යවල පරිවාරක යැයි කියමු.
වෝල්ටීයතාව
විදුලි කෝෂ ගැන කරන ලද පරික්ෂණවලින් සැම විදුලි කෝෂයකට ම (විදුලි ජනකයකට ම) විදුලි ධාරාවක් ගමන් කරවිමේ බලයක් ඇති බව දුටුවෙමු. මෙම බලයට විද්‍යුත් ගාමක බලය යැයි කියැවේ. බාහිර පරිපථයේ විදුලිය ගමන් කරවිමට යෙදෙ වෙන බලය වෝල්ටීයතාව යැයි හැඳින්වේ.
ධාරාව
විදුලි කෝෂයක් සමඟ විදුලි බුබුළක් ඇමුණුව හොත් විදුලි බුබුළ දැල්වෙයි. මෙම පරිපථයට මිලි ඇමි මීටරයක් ද අමුණන ලද නම්, විදුලි බුබුළ හරහා යන ධාරාව පෙන්නුම් කරයි. (විදුලි ධාරාව යනු ඉලක්ට්රෝන ධාරාවක් බව 2 වන පරිච්ෙඡ්දයේ සඳහන් විය)
විදුලි බුබුළ, විදුලි කෝෂය සහ මිලි ඇමි මිටරය අමුණා ඇති පරිපථයෙහි කොතැනකින් හා් සම්බ්ධතාව කැඩුණහොත් විදුලි බුබුළ දැල්වෙන්නේ නැත. එමෙන්ම මිලි ඇමි මීටරයේ උත්ක්රමය ද ශුන්‍ය වෙයි. එනම් ධාරාව නොගලයි. මින් පෙනෙන්නෙ ධාරාව ගැලිම සඳහා විදුලි ජනකයේ (කෝෂයේ) අග්‍ර දෙක සන්නායකයකින් සම්බන්ධ කළයුතු බවයි. මෙහි නිරික්ෂණය කළයුතු තවත් වැදගත් කරුණු තුනක් වෙයි.
එනම්,
1. ප්‍රතිරෝධය අදාළ සන්නායක ද්රවයයට අයත් වු විශේෂිත ගුණයකි.
2. වෝල්ටීයතාව (විද්‍යුත් ගාමක බලය) අදාල ජනකයට - කෝෂයට - හිමි ගුණයකි.
3. එහෙත්, ධාරාවට වෝල්ටීයතාව නොමැතිව පැවැත්මක් නැත.
විදුලි ඒකක
විදුලියට සම්බන්ධ මුලික ඒකක තුනක් වෙයි. ඇමිපියර, ඕමි සහ වෝල්ටි මේවායි. ඕමිගේ නියමයෙහි යෙදෙන්නේ ද මෙම මුලික ඒකක තුනයි.
ඇම්පියරය
විදුලි ධාරාව යනු ඉලෙක්ට්‍රොන ධාරාවකි. සන්නායකයක අචල ලක්ෂයක් හරහා ඉලෙක්ට්‍රෝන 6.25 x 1018 ක (කුලෝම්බි එකක) ධාරාවක් ගලන විට, එය ඇම්පියරයක ධාරාවක් යැයි හැඳින්වේ. (2 පරිච්ෙඡ්දය)
ඕම්
ප්‍රතිරෝධය මනින ඒකක ඕම් වේ. ඇමිපියරයක ධාරාවක් සන්නායකයක් තුලින් ගලන විට තත්පරයක් තුල දී ජුල් ඒකක තාපයක් ජනිත කරයි නම්, එම සන්නායකයේ ප්‍රතිරෝධය ඕම් එකක් ලෙස සැලකේ.
වෝල්ට්
කුලෝම්බයක් (ඉලෙක්ට්රෝනක් 6.25 x 1018 ) එක ලක්ෂයක සිට තව ලක්ෂයකට ගෙන යාමේ දී ජුලයක කාර්යයක් කෙරේ නම් එම ලක්ෂණ දෙක අතර විභව අන්තරය වෝල්ට් එකක් වේ.
තවත් ක්‍රමයකින් අර්ථ කථනයක් දෙතොත් ඉලෙක්ට්රෝනක් තත්පයක් තුළ ඕමයක ප්රතිරෝධයකයක් හරහා ගෙන යාම සඳාහ අවශ්‍ය වි බව අන්තරය වෝල්ටි එකක් වශයෙන්ද හැඳින්විය හැක.