03 - 01. ප්‍රතිරෝධක
- ප්‍රතිරෝධක ඉලෙක්ට්‍රෝනික පරිපථ වල ඉතා වැදගත් සංරචකයකි.විදුලි ධාරාව පාලනයට හා වෝල්ටියතාව පාලනයට ප්‍රයෝජනවත් වේ.
- කාබන්,සෙරමික් හා නික්‍රෝම් වැනි ප්‍රතිරෝධක තාවය අධික ද්‍රව්‍ය ප්රතිරෝෆක නිෂ්පාදනයේදී යොදා ගැනේ.
- අචල ප්‍රතිරෝධක වල අගය සහන අගයද සමඟ වර්ණ බඳ පටියක් මගින් කේතනය කොට ඇත.විචල්‍ය ප්‍රතිරෝධක වල අගය අංක මගින් ඒ මත මුද්‍රනය කොට ඇත.
- ප්‍රතිරෝධකයක් පරිපතයක යොදා ගැනීමේදී ජව වැයවීම දැන ගැනීම වැදගත් වේ.
ජව වැයවීම W=I²R වේ.
- ප්‍රතිරෝධ වල අගය මනිනු ලබන්නේ ඕම් නම් ඒකකයෙනි.එහි සංඛේතය Ω වේ.
03 - 02. ප්‍රතිරෝධක කේත (අචල ප්‍රතිරෝධක සඳහා...)
අචල ප්‍රතිරෝධක වල අගයන් හඳුනා ගැනීම සඳහා ඒවායේ අගයන් කේතු ගත කොට ප්‍රතිරෝධක බඳෙහි වර්ණ පටි කිහිපයක් මගින් සටහන් කොට ඇත.ප්‍රධාන වශයෙන් වර්ණ කේතු දෙකක් ඇත.
- වර්ණ පටි 4ක් සටහන්ව ඇති ප්රතිරෝධයක පළමු වර්ණ පටි 3 අගය දැක්වීම සඳහාද, සිව්වන පටිය සහන අගය සඳහාද යොදා ගනී.
එසේම,
- වර්ණ පටි 5ක් සටහන්ව ඇති ප්රතිරෝධයක පළමු වර්ණ පටි 4 අගය දැක්වීම සඳහාද, පස්වන පටිය සහන අගය සඳහාද යොදා ගනී.
අචල ප්‍රතිරෝධ | අචල ප්‍රතිරෝධක සංකේත |
03 - 03. වර්ණ පටි 4ක් සටහන්ව ඇති ප්රතිරෝධයක අගය සෙවීම...
ප්රතිරෝධයක අගය | සහන අගය | ||||||||||||||||||||||||||||||||||
|
|
ඉහත රූපයේ වර්ණ පටි සලකුණු කර දක්වා ඇත.
- වර්ණ කේතනය කිරීමේදී 1 හා 2 වන වර්ණ පටි ප්‍රතිරෝධ අගයෙහි පළමු හා දෙවන අංක දක්වයි.3 වන පටියෙන් දැක්වෙන්නේ දහයේ ගුණිතයයි.4 වන පටියෙන් දැක්වෙන්නේ සහන අගයයි.
මෙය වඩා හොඳින් වටහා ගැනීම සඳහා පහත උදාහරණ සලකා බලමු.
උදාහරණ 01.
1 වන වර්ණය - රතු - කේතය - 2
2 වන වර්ණය - දම් - කේතය - 7
3 වන වර්ණය - කළු - කේතය - 0
4 වන වර්ණය - රන් - කේතය - ±5%
ප්‍රතිරෝධයේ අගය = 2 7 10° ±5%
= 27 x 10° ±5%
= 27 x 1 ±5%
ඒ අනුව ප්‍රතිරෝධයේ අගය = 27Ω (ඕම්) ±5%
=27 x 5/100 = 135/100 = 1.35 = 1.4 (ප්‍රථම දශමස්ථානයට)
ඒ අනුව ප්‍රතිරෝධයේ අගය = 27 ±1.4 Ω වේ.
එනම් ප්‍රතිරෝධයෙහි අගය (27 - 1.4) 25.6Ω සහ (27 + 1.4) 28.4Ω යන අගයන් අතර පිහිටා තිබේ.
උදාහරණ 02.
1 වන වර්ණය - කහ - කේතය - 4
2 වන වර්ණය - කොළ - කේතය - 5
3 වන වර්ණය - ඳුඹුරු - කේතය - 1
4 වන වර්ණය - රිදී - කේතය - ±10%
ප්‍රතිරෝධයේ අගය = 4 5 10^1 ±10%
= 45 x 10^1 ±10%
= 27 x 10 ±10%
ඒ අනුව ප්‍රතිරෝධයේ අගය = 450Ω (ඕම්) ±10%
=450 x 10/100 = 4500/100 = 45
ඒ අනුව ප්‍රතිරෝධයේ අගය = 450 ±45 Ω වේ.
එනම් ප්‍රතිරෝධයෙහි අගය (450 - 45) 405Ω සහ (450 + 45) 495Ω යන අගයන් අතර පිහිටා තිබේ.
උදාහරණ 03.
1 වන වර්ණය - කොළ - කේතය - 5
2 වන වර්ණය - දම් - කේතය - 7
3 වන වර්ණය - කහ - කේතය - 4
4 වන වර්ණය - රිදී - කේතය - ±10%
ප්‍රතිරෝධයේ අගය = 5 7 10^4 ±10%
= 57 x 10^4 ±10%
= 57 x 10000 ±10%
ඒ අනුව ප්‍රතිරෝධයේ අගය = 570000Ω (ඕම්) ±10% = 570k (කිලෝ ඕම්) ±10%
=570k x 10/100 = 570000 x 10/100 = 5700000/100 = 57000
ඒ අනුව ප්‍රතිරෝධයේ අගය = 570000 ±57000 Ω වේ.
එනම් ප්‍රතිරෝධයෙහි අගය (570000 - 57000) 513000Ω සහ (570000 + 57000) 627000Ω යන අගයන් අතර පිහිටා තිබේ.
03 - 04. වර්ණ පටි 5ක් සටහන්ව ඇති ප්රතිරෝධයක අගය සෙවීම...
ප්රතිරෝධයක අගය | සහන අගය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
ඉහත රූපයේ වර්ණ පටි සලකුණු කර දක්වා ඇත.
- වර්ණ කේතනය කිරීමේදී 1 2 හා 3 වන වර්ණ පටි ප්‍රතිරෝධ අගයෙහි පළමු හා දෙවන අංක දක්වයි.4 වන පටියෙන් දැක්වෙන්නේ දහයේ ගුණිතයයි.5 වන පටියෙන් දැක්වෙන්නේ සහන අගයයි.
මෙය වඩා හොඳින් වටහා ගැනීම සඳහා පහත උදාහරණ සලකා බලමු.
උදාහරණ 01.
1 වන වර්ණය - රතු - කේතය - 2
2 වන වර්ණය - තැඹිලි - කේතය - 3
3 වන වර්ණය - කළු - කේතය - 0
4 වන වර්ණය - කළු - කේතය - 10°
5 වන වර්ණය - රතු - කේතය - ±2%
ප්‍රතිරෝධයේ අගය = 2 3 0 10° ±2%
= 230 x 10° ±2%
= 230 x 10 ±2%
ඒ අනුව ප්‍රතිරෝධයේ අගය = 2300Ω (ඕම්) ±2%
=2300 x 2/100 = 4600/100 = 46
ඒ අනුව ප්‍රතිරෝධයේ අගය = 2300 ±46 Ω වේ.
එනම් ප්‍රතිරෝධයෙහි අගය (2300 - 46) 2254Ω සහ (2300 + 46) 2346Ω යන අගයන් අතර පිහිටා තිබේ.
උදාහරණ 02.
1 වන වර්ණය - නිල් - කේතය - 6
2 වන වර්ණය - දම් - කේතය - 7
3 වන වර්ණය - කෝළ - කේතය - 5
4 වන වර්ණය - රිදී - කේතය - 10^-2
5 වන වර්ණය - දුඹුරු - කේතය - ±1%
ප්‍රතිරෝධයේ අගය = 6 7 5 10^-2 ±1%
= 675 x 10^-2 ±1%
= 675 x 0.01 ±1%
ඒ අනුව ප්‍රතිරෝධයේ අගය = 6.75Ω (ඕම්) ±1%
=6.75 x 1/100 = 6.75/100 = 0.0675
ඒ අනුව ප්‍රතිරෝධයේ අගය = 6.75 ±0.0675 Ω වේ.
එනම් ප්‍රතිරෝධයෙහි අගය (6.75 - 0.0675) 6.6825Ω සහ (6.75 + 0.0675) 6.8175Ω යන අගයන් අතර පිහිටා තිබේ.
* ප්රතිරෝධයක සහන අගය අඩු වන විට වඩා නිවැරදි අගයක් දක්වයි.යම් පරිපථයකට ආසන්න වශයෙන් 100Ω පමණ ප්‍රතිරෝධයක් අවශ්‍ය නම් 100Ω ±5% ප්‍රතිරෝධයක් ප්‍රමානවත් වේ.නමුත් අවශ්‍යතාව 101Ω නම් ඉහත ප්‍රතිරෝධය සුදුසු වන්නේ නැත.(ප්‍රතිරෝධයේ සත්‍ය අගය 95Ω සිට 105Ω අතට වටිනාකමක් විය හැකි හෙයිනි.)මෙතැනට අවශ්‍ය වන්නේ 101 ±1% ප්‍රතිරෝධයකි.සෑම අගයක් සඳහාම ප්‍රතිරෝධක නිපදවීම අසීරු නිසා, ඒවා නිපදවනු ලබන්නේ සම්මත අගයන් සඳහා පමණි.
වර්ණ පටි 6ක් දැක්වෙන ප්රතිරෝධද දැකිය හැක.එම ප්‍රතිරෝධ වල 6 වන පටියෙන් දැක්වෙන්නේ ප්‍රතිරෝධයේ උෂ්නත්වයේ අගයයි.
03 - 04. විචල්‍ය ප්‍රතිරෝධක
බොහෝ අවස්ථාවන් හිදී පරිපථවල ප්‍රතිරෝධය වෙනස් කිරීමට අවශ්‍ය වේ.ගුවන් විදුලි යන්ත්‍රයක හෝ රූපවාහිනියක හඬ පාලනය කිරීමේ උපකරණය මෙවැන්නකි.මෙසේ ප්‍රතිරෝධය වෙනස් කළ හැකි ප්‍රතිරෝධක වලට "විචල්‍ය ප්‍රතිරෝධක" යැයි කියනු ලැබේ.
විභව මානය සහ ධාරා නියාමකය ද එක සමාන විචල්‍ය ප්‍රතිරෝධක වේ.ධාරා නියාමකය ධාරාව පාලනයට හා විභව මානය විභව අන්තරය පාලනයට යොදා ගනී.
විචල්‍ය ප්‍රතිරෝධක | විචල්‍ය ප්‍රතිරෝධක සංකේත |
03 - 05. ජව වෑගයීම
ප්රතිරෝධයක ජව උත්සර්ජනය W=I²R ලෙස දැක්වේ.(මෙහි ධාරාව I සහ ප්‍රතිරෝධය R වේ.)මෙම සමීකරණයේ දැක්වෙන පරිදි උත්සර්ජනය වන ජවය ධාරාවෙහි වර්ගයට සමානුපාතික වන අතර, එය තාපය ලෙස පිටකරයි.එහෙයින් පරිපථයක වැඩි ධාරාවක් ගලායන ස්ථාන වල යොදා ගැනීම සඳහා ඉහල උෂ්නත්වයට ඔරොත්තු දෙන ප්‍රතිරෝධක අවශ්‍ය වේ.ප්‍රතිරෝධයක් පරිපථයකට ඇමිණීමට පෙර ජව වෑගයීම සිහි තබා ගැනීම වැදගත්ය.