විදුලි රුහැනක් දිගේ විදුලිය ගලා යයි...විදුලි බුබුලකින් ආලෝකය දීමට හෝ මෝටරයක් කරකැවීමට එයට පුළුවන.
සැබෑ ලෙසම ජලය අංශු වලින් සමන්විත වන්නා සේම විදුලියද අංශු වලින් සමන්විත වේ.මෙම අංශු අන්කිසිවක් නොව පරමාණු වටා පරිභ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන වේ.නමුත් ජල අංශු මෙන් නොව ඉලෙක්ට්‍රෝන ඉතා කුඩා නිසා ඉතා කුඩා ධාරාවක වුවද තත්පරයකට ඉලෙක්ට්‍රෝන කෝටි සංඛ්‍යාවක් ගලයි.
* විදුලි ඒකක
ජලය ලීටර වලින් මනින්නා සේ විදුලිය 'කූලෝම්බ්' නම් ඒකකයෙන් මනිනු ලැබේ.
කූලෝම්බ් ඒකකයක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව=6.25 x 1018(6.25×1 බින්දු 18)
ජල ධාරාව තත්පරයට ඝන මීටර වලින් මනින්නා සේ විදුලි ධාරාව තත්පරයට කූලෝම්බ් වලින් මනිනු ලැබේ.
තත්පරයට එක කූලෝම්බ් එකක් සන්නායකයක් තුලින් ගලන විට එයට 'ඇම්පියරයක්' යැයි කියනු ලැබේ.
මේ අනුව ඇම්පියරයක් යනු තත්පරයට ඉලෙක්ට්‍රෝන 6.25×10**18 ක ධාරාවකි.
* ධාරාව
ඉලෙක්ට්‍රෝන සෘණ ආරෝපිත බැවින් විදුලි ධාරාව ද සෘණ ආරෝපිත වෙයි.වියලි කෝෂයක හෝ ජනකයක එක් අග්‍රයක් සෘණ වන්නේ ඒ අග්‍රය වටා ඉලෙක්ට්‍රෝන එක් රුස් වී ඇති හෙයිනි.අනෙක් අග්‍රය ධන වන්නේ ඒ අග්‍රය වටා ඉලෙක්ට්‍රෝන හීන වන හෙයිනි.
සෘණ ඉලෙක්ට්‍රෝන සෘණ අග්‍රයේ සිට ධන අග්‍රයට ගලයි.මෙය ඉලෙක්ට්‍රෝන ධාරාව ගලන දිශාව වේ.එහෙත් විදුලි ධාරාව ගලන සම්මත දිශාව ලෙස සලකන්නේ ධන අග්‍රයේ(+) සිට සෘණ(-) අග්‍රය කරාවේ.
විදුලිය පිළිබඳ අධ්‍යනයන් වල පහසුව තකා විදුලි ධාරාව යනු ආරෝපණ ගැලීමක් ලෙස සලකනු ලැබේ.