පරමාණුව
 

යම් ද්‍රව්‍යයක් කුඩා කොටස් වලට බෙදාගෙන යාමේදී එක් අවස්ථාවක එය තවත් කොටස් වලට බෙදිය නොහැකි අවස්ථාවක් පැමිණෙතැයි උපකල්පණය කර එසේ තවදුරටත් කොටස් වලට බෙදිය නොහැකි අංශුව පරමාණුව යැයි සලකනු ලැබේ.


මෙසේ සියලුම වස්තූන් පරමාණු වලින් සෑදී ඇති බවත් එක් ද්‍රව්‍යයක පරමාණු ව්‍යුහය තවත් ද්‍රව්‍යයක පරමාණුවලට වඩා වෙනස් බවත් අදහස් කරනු ලැබේ.



* පරමාණුවේ සංයුතිය හා ව්‍යුහය.

සියලුම පරමාණු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හා නියුට්‍රෝන වලින් සමන් විත වේ..



  • පරමාණුව මධ්‍යයේ එහි ස්කන්ධය වැඩිම කොටස වන න්‍යයෂ්ටිය පිහිටා ඇත.එම න්‍යයෂ්ටිය වටා ශක්තිමට්ටම් කිහිපයක 'කවච' නම් වෘත්තාකාර මාර්ග වල ඉලෙක්ට්‍රෝන ගමන් කරනු ලබයි(.පරිභ්‍රමණය වේ.)

  • න්‍යයෂ්ටිය ප්‍රෝටෝන හා නියුට්‍රෝන වලින් සමන් විත වන අතර ප්‍රෝටෝන ධන(+) ආරෝපිත වන අතර නියුට්‍රෝන වලට ආරෝපනයක් නොමැත.(උදාසීන වේ.)

  • ස්කන්ධයෙන් ඉතාම කුඩා අංශුවක් වන ඉලෙක්ට්‍රෝන රින(-) ආරෝපිත වන අතර එහි ආරෝපන, ප්‍රමාණයෙන් න්‍යයෂ්ටිය තුල ඇති ප්‍රෝටෝන(+) ප්‍රමාණයට සම වේ.එම නිසා පරමාණුවක් ගත් කල එය ඒකකයක් වශයෙන් උදාසීන වේ.


    පරමාණුවල ඇති කවච වල ඉලෙක්ට්‍රෝන පිහිටන ක්‍රමයක් වෙයි...

    න්‍යයෂ්ටියට ආසන්නම කවචය වන K කවචයෙහි උපරිම වශයෙන් ඉලෙක්ටෝන 2කි.දෙවන කවචය වන L කවචයෙහි උපරිම වශයෙන් ඉලෙක්ටෝන 8කි.තුන්වන කවචය වන M කවචයෙහි උපරිම වශයෙන් ඉලෙක්ටෝන 18කි.M කවචයෙහි 32කි. ලෙස වේ.


තවද, පරමාණුවක න්‍යෂ්ටියේ සිට අවසාන කවචය දක්වා ගමන්කරන විට, ඉලෙක්ට්‍රෝන මත න්‍යෂ්ටියෙන් ඇති කරන බලපෑම ක්‍රමයෙන් අඩු වන බැවින් අවසාන කවචයන්හි ඇති ඉලෙක්ටෝන යම් නිදහස් චලනයකට නැඹුරුතාවක් දක්වයි.

එමෙන්ම, යම් කවචයක ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය එහි තිබිය යුතු උපරිම ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු නම්, එවිටද ඉලෙක්ට්‍රෝන මත ඉලෙක්ට්‍රෝන මගින් ඇති කරන බලපෑම ක්‍රමයෙන් අඩු වන බැවින් ඉලෙක්ටෝන යම් නිදහස් චලනයකට නැඹුරුතාවක් දක්වයි.


(c) Shilpa Sayura Foundation 2006-2017